IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


මහවැස්සෙන් අම්පාරේ කුඹුරු අක්කර 8109ක් විනාශයි

(වසන්ත චන්ද්‍රපාල)

පසුගිය දිනවල පැවති වර්ෂාව හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 8109ක්ද, බඩ ඉරිඟු අක්කර 869 ක් ද විනාශ වී ඇති බව අම්පාර දිසාපති ඩී. එම්. එල්. බණ්ඩාරනායක මහතා පැවසීය.

අම්පාර දිස්ත්‍රික්කයේ  වී ගොවීන් 3590 දෙනෙකුගේ සහ බඩ ඉරිඟු ගොවීන් 260 දෙනෙකුගේ වගාවන් මේ හේතුවෙන් විනාශ වී ඇති  බවද බණ්ඩාරනායක මහතා සඳහන් කළේය.

මෙම කුඹුරු දින තුනකට වැඩි කාලයක් ජලයෙන් යටවී තිබූ බවද, ගොයම් විනාශ වී ඇති බවද ගල්ඔය දකුණු ඉවුර ගොවි සංවිධානයේ සභාපති සී.එච්.කුමාර මහතා පැවසීය. ඇතැම් කුඹුරුවල ගොයම් පැළ වැල්ලෙන් යටවී ඇති අතර ඒවා නැවත ප්‍රයෝජනයට ගතනොහැකි බවද ඔහු කීය.

මහා වාර්මාර්ග, සුලුවාරිමාර්ග සහ ගොවිජන සේවා යටතේ මෙම කුඹුරු සහ බඩ ඉරිඟු වගා කර  තිබේ.  

 මෙම වගාවන් නැවත කිරීමට අවස්ථාවක් නොමැති බැවින් මෙම ගොවීනට වන්දි මුදලක් ලබාදීමට  කඩිනමින් කටයුතු කරන ලෙස සභාපතිවරයා රජයෙන් ඉල්ලා සිටියේය. දැනට ඔවුන්ට වගාහානි ලබාදීම සඳහා ආපදා කළමණාකරණ අමාත්‍යංශය වෙත යොමුකරන බව ද දිසාපතිවරයා සඳහන් කළේය.
 

 



අදහස් (0)

මහවැස්සෙන් අම්පාරේ කුඹුරු අක්කර 8109ක් විනාශයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31987 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14441 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11225 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 21 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 279 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1226 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site