IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මහවිලච්චියේ ගොවියෝ මෙදාත් කබලෙන් ලිපට

(දයාරත්න ඇඹෝගම)
 
ජලය ලැබුණ ද බිත්තර වී සපයා ගැනීමට නොහැකි වීමත් සී සා ගැනීමට ට්‍රැක්ටර් සඳහා මුදල් ගෙවීමට මුදල් නොමැතිකම නිසාත් මහවිලච්චිය ගොවි ව්‍යාපාරයේ ගොවිහු විශාල අර්බුදයකට ලක්ව ඇතැයි මහවිලච්චිය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ආර්.එස්.එම්.ඒකනායක මහතා කීවේය.


මහවිලච්චිය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් මෙසේ ද පැවසිය.


විලච්චිය ගොවි ව්‍යාපරය යටතේ කුඹුරු අක්කර 3100 ක් වගා කරනවා. පසුගිය අවුරුදු දෙකහමාරක කාලයක් තිස්සේ කන්න හයකින් කුඹුරු වගා කලේ නැහැ. ගොවියන්ට ශත පහක ආදායමක් ලැබුණේ නැහැ.
බිත්තර වී ඇටයක් හොයාගන්න පැත්ත පළාතක නැහැ.


කන්න රැස්වීමේදී  ලබන මාසේ පස්වැනිදාට පෙර හාලා වපුරන්න කියලා නියම කලා. ඒත් ගොවියන්ට බිත්තර වී නැහැ. හාගන්න ට්‍රැක්ටර් ගාස්තුත් නැහැ.


ඒ අස්සේ මේදා කන්නේට පොහොර සහනාධාරය දෙනෙත් නැහැ. ගිය 2017 මාස් කන්නයට පොහොර සහනාධාරය ලැබුණා. ඒත් නියඟය නිසා වගා කරන්න බැරිවුණානේ. ඒ නිසා ඒ පොහොර සහනාධාරය මේ සැරේට හිලව් කරන්න යනවා.


මහවිලච්චිය වැව වාන් දාන්න තව තියෙන්නේ අඩි හතරයි. මේ කන්නයේ වතුර වලින් ප්‍රශ්නයක් නොවුණත් බිත්තර වී සපයා ගැනීම, ට්‍රැක්ටර් කුලිය හොයා ගන්න එක ප්‍රශ්නයක් වෙලා. මේදා පොහොර සහනාධාරයත් නැහැ.


ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටින්නේ ගොවින්ගේ මේ ගැටළු කල්පනා කරලා බිත්තර වි ටික සපයා ගන්නත් අනෙක් ප්‍රශ්න විසදා ගන්නත් මැදිහත් වෙන්න කියලයි. මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමැතිවරයාගේ මැදිහත්වීම අත්‍යාවශ්‍ය බවද මහවිලච්චිය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ආර්.එස්.එම්.ඒකනායක මහතා පැවසීය.
 



අදහස් (0)

මහවිලච්චියේ ගොවියෝ මෙදාත් කබලෙන් ලිපට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site