
(කවිතා සුබසිංහ)
මහර බන්ධනාගාරයේ කොයිල් එතීමේ මධ්‍යස්ථානය පසුගිය මාසය තුළ පමණක් නිපදවන ලද නිෂ්පාදන ඒකක වෙනුවෙන් රුපියල් 94,000 ක මාසික ආදායමක් රජයේ කර්මාන්ත ගිණුමට ඒකතුවන බව මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
බියගම පිහිටි පෞද්ගලික සමාගමක උපදේශකත්වය හා අනුග්‍රහය මත ඒම සමාගමේ උප කොන්ත්‍රාත් ශාඛාවක් ලෙස මෙම කොයිල් එතීමේ මධ්‍යස්ථානය පවත්වා ගෙන යනු ලබන බවද මහර බන්ධනාගාර අධිකාරිවරයා සඳහන් කළේය.
මෙරට දී නිෂ්පාදනය කරනු ලබන වායු සමීකරණ යන්ත්‍ර මාදිලි කිහිපයක් සඳහා අවශ්‍ය කොයිල් කාණ්ඩ තුනක් දැනට මෙම මධ්‍යස්ථානයේදී නිෂ්පාදනය කරනු ලබන අතර මීට වසරකට පමණ පෙර මහර බන්ධනාගාරය තුළ ආරම්භ කළ මෙම කොයිල් එතිමේ මධ්‍යස්ථානය වත්මන් බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතාගේ පත්වීමෙන් පසු නව්‍යකරණයට ලක්විය.
මෙම මධ්‍යස්ථානයේ පුහුණුලාභි රැඳවියන් සඳහා දෛනික වැටුප් ගෙවීමේ විධිමත් ක්‍රමවේදයක් මහර බන්ධනාගාරය විසින් පවත්වා ගෙන යන අතර ඒ අනුව වැටුප අදාල රැඳවියන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීම සිදු කරනු ලබන අතර ලබන මාසය වන විට රුපියල් ලක්ෂයකට අධික මුදලක් රජයට උපයාදීම මෙම පුහුණුලාභි රැඳවියන්ගේ අරමුණ බවද බන්ධනාගාර අධිකාරිවරයා සඳහන් කළේය.
මෙම පෞද්ගලික සමාගම යටතේ දිවයින පුරා ස්ථාපිත කර ඇති සියළුම නිෂ්පාදන මධ්‍යස්ථාන අතුරින් කාණ්ඩ 02 ක හොඳම කොයිල් ඒකක නිෂ්පාදනය කිරීමට මෙම රැඳවියන් සමත් වූ අතර ඒ වෙනුවෙන් එම සමාගම විසින් පසුගියදා ඔවුන් වෙනුවෙන් තිළිණ ප්‍රදානයක්ද සිදු කරන ලදී.
මෙම මධ්‍යස්ථානයේ පුහුණුව ලබන සිරදඬුවම් විදින රැඳවියන් 60 දෙනෙකු වෙනුවෙන් එම පෞද්ගලික ආයතනය වැටුප් වශයෙන් මාසිකව රුපියල් ලක්ෂ 05 ක් පමණ වැය කරන අතර ලබා දෙනු ලබන ශ්‍රම දායකත්වය මත දළ වශයෙන් එක් රැඳවියෙකු ට රුපියල් 10,000 – 20,000 අතර ප්‍රමාණයක මාසික වැටුපක් ලබන බව ද අප සමඟ අදහස් දක්වමින් එම ආයතනයේ සහකාර කර්මාන්ත ශාලා කළමනාකරු අසංක දසනායක මහතා ප්‍රකාශ කළේය.
බන්ධනාගාරගතව සිටින රැඳවියන් හට වෘත්තීය පුහුණුව ලබාදී ඔවුන් වෘත්තිකයින් බවට පත්කොට නැවත සමාජයට මුදාහැරිමේ අභිප්‍රායෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ පුර්ණ අනුමැතිය පරිදි මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මහර බන්ධනාගාර කර්මාන්ත අංශයට අනුබද්ධව සිරදඩුවම් විදින රැඳවියන් වෙනුවෙන් මෙය ස්ථාපිත කර ඇත.

2025 නොවැම්බර් මස 04
760
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මහර රැඳවියන්ගෙන් රජයේ කර්මාන්ත ගිණුමට 94000 ක මාසික ආදායමක්
sharm warn Monday, 20 July 2020 08:37 AM
මේ ඉතාම උතුම් ක්‍රියාවක්.