ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ සෝ. විජේවර්ධන
එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව ව්‍යවස්ථා විරෝධීව අහෝසි කොට නීති විරෝධී අන්දමින් අගමැතිවරයකු හා නව ආණ්ඩුවක් පත් කිරීමට එරෙහිව විරෝධය පළකරමින් මහරගම නගර සභාවේ මන්ත්‍රීවරුන් කළු ඇඳුමින් සැරසී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් අද(23) මාසික සභා රැස්වීමට පැමිණියහ.
නගරාධිපති ටිරාජ් ලක්රුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් සභාව ඇරඹුණි.
එහිදී එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ආණ්ඩු පෙරළිය සම්බන්ධයෙන් අදහස් දැක්වීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොහොට්ටුවේ නාගරික මන්ත්‍රීවරුන් ඊට විරෝධය පෑම නිසා සභාව උණුසුම් තත්ත්වයක් ගත්තේය.
මේ හේතුවෙන් පැය 2කට ආසන්න කාලයක් සභාව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇතිවිණි.
(ඡායාරූප ශාන්ත කුමාර කුලරත්න)
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මහරගම නගර සභාවත් උණුසුම් වෙයි