රංජිත් කරුණාවීර
මහියංගන ප්‍රාදේශීය සභාවේ 2019 වර්ෂය සඳහා අයවැය ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 6 ක් හා විපක්ෂව ඡන්ද 14ක් ලෙස අද (6) ඡන්ද ලබා ගනිමින් 2019 සඳහා වු අයවැය පරාජයට පත්විය.
මහියංගන ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය 2019 වර්ෂය සඳහා එක්සත් ජාතික පක්ෂ සභාපති කරු වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඒ සඳහා ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් 20 දෙනෙකු සහභාගීව සිටි අතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දෙදෙනෙක් සහභාගී නොවූහ.
අයවැය විවාදය අවසන් කර පැවති ඡන්ද විමසීමේදී 2019 අයවැය සඳහා පක්ෂව ඡන්ද 6ක් ලැබුණු අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 5 දෙනෙකු හා ප්‍රාදේශීය සභාපති කරු වීරරත්න මහතා අයවැය සඳහා පක්ෂව ඡන්දය ප්‍රකාශ කර සිටියහ.
ස්වාධීන පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 8 දෙනා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 3 හා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 3 දෙනා 2019 අයවැය සඳහා විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරමින් රයිනෝ ලකුණින් ස්වාධීන පක්ෂයෙන් තරග වැද වැඩි ඡන්ද ලබාගනිමින් ස්වාධීන පක්ෂය ජයග්‍රහණය කළේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මහියංගන ප්‍රා. සභාවේ අයවැය පරාදයි