IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


මහියංගන ඩිපෝවට ලක්ෂ ගණනක වංචාවක්

(රංජිත් කරුණාවීර)

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මහියංගන ඩිපෝව මගින් අලුත්වැඩියා කටයුතු සඳහා පෞද්ගලික ආයතනයකට බාරදුන් එන්ජින්වලට පරණ කොටස් යොදා, අලුත් කොටස් දැමූ බව හැඟවෙන ලෙස තීන්ත ආලේප කර, ලක්ෂ ගණනින් බිල්පත් දමා සිදු කරන වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිව  ඇතැයි ඩිපෝවේ කාර්මික සේවක පිරිසක් චෝදනා කරති.

ධාවනයට නුසුදුසු තත්වයේ පවතින එන්ජින් මහියංගණ ලංගම ඩිපෝව මගින් අලුත්වැඩියා කටයුතු සඳහා කොච්චිකඩේ පෞද්ගලික ආයතනයක් වෙත යොමු කරයි.

අවස්ථා කිහිපයකදීම අලුත් අමතර කොටස් වෙනුවට පරණ කොටස් යොදා, අලුත් අමතර කොටස් ලෙස පෙනීමට තීන්ත ආලේප කර, අලුතෙන් අමතර කොටස් යෙදු බවට බිල්පත් දමා මුදල් අයකරන බව මහියංගන ඩිපෝවේ කාර්මික නිලධාරීහු පවසති.

අවසන් වරට එහි ගෙනා එන්ජිම සඳහා ලක්ෂ 10 කට අධික මුදලක් බිල්පත් කර ඇති අතර ලක්ෂ 5ක අලුත් අමතර කොටස්වත් ඊට යොදා නොමැති බව ඔවුහු පෙන්වා දෙති.

මේ ආකාරයෙන් මහා පරිමාණ වංචා හේතුවෙන් ලංගමය කිසිදා ගොඩ ගත නොහැති තත්වයේ පවතින බව ඔවුහු කියති.

සියලු ඩිපෝවල දක්ෂ කාර්මික නිලධාරීන් සිටියදී, අමතර කොටස් ඩිපෝවට ගෙන්වා අලුත්වැඩියා කිරීමේ හැකියාව තිබියදී පෞද්ගලික අංශයේ සේවාව ලබාගැනීමට යාමෙන් මෙවැනි වංචා සිදුවන බවත්, විශාල මුදලක් වැය කර අලුත්වැඩියා කරන එන්ජින් අපේක්ෂිත දුර ධාවනය කිරීමට නොහැකිව, මහ මඟ බස් රථ කැඩී, මගීන් පීඩාවට පත්වන බවත් ඩිපෝවේ සේවක පිරිස පෙන්වා දෙති.

මෙවැනි වංචා හේතුවෙන් ලංගමය සදා බංකොලොත් වන බවත් සේවක පඩි ගෙවාගැනීමට නොහැකි ඉතිහාසයක් තිබූ බවත් පවසන සේවක පිරිස බලධාරීන්ගේ අවධානය යොමුවී මෙම වංචා නතර කරන ලෙස ඉල්ලා සිටිති.

මේ පිළිබඳව මහියංගන ඩිපෝ කළමණාකරුගෙන් විමසු විට ඔහු සඳහන් කළේ   “සේවකයන් මේ පිළිබඳව අප දැනුවත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපි විධිමත් පරීක්ෂණයක් කරනවා”  යනුවෙනි.

 



අදහස් (0)

මහියංගන ඩිපෝවට ලක්ෂ ගණනක වංචාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32364 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14872 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 99 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 378 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1306 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site