IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


මහමෙව්නා සඳහම් වැඩසටහනක් දකුණු කොරියාවේ

දකුණු කොරියා මහමෙව්නාව භාවනා අසපුව මගින් සංවිධානය කළ, කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මෙහෙය වීමෙන් සිදු කළ අසිරිමත් සදහම් වැඩසටහන අන්සාන් ඔලිම්පික් ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දි පසුගියදා පැවැත්විණි.

පින්කම සඳහා කොරියා ජාතික ස්වාමීන් වහන්සේලා ද ශ්‍රී ලාංකික සහ කොරියා ජාතික සැදැහැවතුන් දහසකට අධික පිරිසක් සහභාගි වූහ.  ශ්‍රී ලංකා රජයේ දකුණු කොරියා තානාපති මනීෂා ගුණසේකර සහ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්, ආරාධිත අමුත්තන් රැසක්ද වුහ.

පෙරවරු 9 සිට සවස 5 දක්වා සදහම් වැඩසටහන පැවැත්වුණු අතර, උදෑසන පටන් සවස් කාලය දක්වා “ගෞතම සසුනේ පිහිට පිළිසරණ ලබාගත හැක්කේ කුමන අයුරින්ද?” යන්න මාතෘකා කරගනිමින්  කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින්  සදහම් දෙසුම් දෙකක් සිදු කළ අතර, කොරියා ජාතික පින්වතුන් සමඟ ධම්මචක්කප්පවත්තන සූත්‍රය පාලියෙන් සජ්ඣායනා කිරිම සිදු කැරිණි. තවද මෛත්‍රී භාවනාව, දහම් ගැටළු විසදාලමින් සිදුකළ ධර්ම සාකච්ඡාව සවස් කාලයේ පැවැත්විණි.

කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ සදහම් සේවාවේ ප‍්‍රතිඵලයක් ලෙස දකුණු කොරියාවේ වාසය කරන ශ්‍රී ලාංකික තරුණ පිරිසකගේ ගෞරවනීය ඉල්ලීම මත 2014-05-11 දින අන්සාන් නගරයේ මහමෙව්නාව භාවනා අසපුවක් ආරම්භ විය.

අන්සාන් යනු දකුණු කොරියාවේ ප‍්‍රධාන නගර වලින් එකකි. මෙය ශ්‍රී ලාංකික ශ‍්‍රමිකයන් දහස් ගණනක් සේවය කරන නගරයකි. දැනට දකුණු කොරියාවේ තිස්දහසකට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසක් සේවය කරති. මහමෙව්නාව අසපු ශාඛාව ආරම්භ කළ පසු බොහෝ ප‍්‍රදේශ වලින් විශාල තරුණ පිරිසක් අසපුවට සම්බන්ධ වී ධර්මය ශ‍්‍රවණය කරමින්, සිල් ආරක්ෂා කරමින් භාවනා ආදී ගුණධර්ම දියුණු කරමින් තම ජීවිතය යහමගට ගැනීමට වෙර දරමින් සිටිති.

තරුණ පිරිස් අතිශය කාර්ය බහුල වෙහෙසකර අවිවේකී ජීවිතයක් ගත කරමින් ගෞතම සසුනේ පිළිසරණ ලබන්නට දරන උත්සාහය අගේ කළ යුත්තකි.

K1[1] K2[1] K3[1] K4[1] K5[1] K6[1]

 



අදහස් (0)

මහමෙව්නා සඳහම් වැඩසටහනක් දකුණු කොරියාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 664 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2332 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site