IMG-LOGO

මිහිඳු හිමියන් පිරිනිවන් පෑ දීපශාස්තෘ දිනය රජගල දී සැමරේ

(අම්පාර වසන්ත චන්ද්‍රපාල)

අනුබුදු මිහිඳු මා හිමියන් වහන්සේ පිරිනිවන් පා වසර 2221 ක් පිරෙන වප් මස පුර අටවක දිනය 2019 ක් වූ ඔක්තෝබර් මස පස් වන දිනට (සෙනසුරාදා) යෙදී තිබිණි. උත්තිය රජතුමාගේ රාජ්‍ය කාලයේ දී වප් පුර අටවක දින මිහිඳු හිමියන්ගේ පිරිනිවන් පෑමෙන් පසු මෙරට රජවරු මිහිඳු පුර අටවක දිනය ලෙස නම් කොට උන් වහන්සේගේ ගුණ  සමරා උත්සව පැවැත්වූහ. මෙරට ජන සමාජයට බුද්ධ දර්ශනය හඳුන්වා දී ශ්‍රි ලාංකීය සමාජ සංස්කෘතියේ දියුණුවට මංපෙත් විවිර කළ මිහිඳු හිමියන්  පසු කාලයේ දී දීපශාස්තෘන් වහන්සේ ලෙස සැලකිණි.

මිහිඳු මා හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කළ බවට ශිලා ලේඛන සාක්ෂි ඇති අම්පාර රජගල පුරාවිද්‍යා භූමියේදී මිහිඳු පුණ්‍යා්ත්සවය අද දින (සෙනසුරාදා) පැවැත්විණි. පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පුණ්‍යා්ත්සවයේදී ආගමික වැඩ සටහන් කිහිපයක් පැවැත්විණ. රජගලතැන්න ශ්‍රි බෝධිරාජාරාමාධිපති කටුගොඩ රක්ඛිත හිමියන් රජගල කඳු මුදුනට වැඩමවා දැගැබ් මඵවේ දී විශේෂ ධර්ම දේශනාවක් පවත්වා රජගල ආරණ්‍ය සේනාසනය ඉදි කිරිමට ක්‍රියා කළ රාජරාජ මහාමාත්‍යාදීන් ඇතුඵ අතීත සැදැහැවත් බෞද්ධ ජනතාවට පිං අනුමෝදන් කරලීම මෙම උත්සවයේ විශේෂාංගයක් විය.

ශ්‍රි ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස එම විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යනාංශයේ ආචාර්යවරුන්ගේ උපදේශකත්වයෙන් කටයුතු කෙරෙන රජගල ව්‍යාපෘතිය මඟින් මේ වන විට මිහිඳු හිමියන්ගේ ධාතූන් වහන්සේලා තැන්පත් කළ දාගැබ් මඵව සංරක්‍ෂණය කෙරෙමින් පවතී. ව්‍යාපෘති කළමනාකාරතුමා හා නිලධාරි මණ්ඩලයත් සේවක මහත්ම මහත්මීන් ඇතුඵ ප්‍රදේශවාසී සැදැහැවත් ජනතාවගේත් සහභාගිත්වයෙන් මෙම මිහිඳු හිමියන් සැමරීමේ උත්සවය පැවැත්විණි



අදහස් (1)

මිහිඳු හිමියන් පිරිනිවන් පෑ දීපශාස්තෘ දිනය රජගල දී සැමරේ

wicky italy Saturday, 05 October 2019 09:25 PM

දේශපාලන රැස්විම්වලට නම් සංඝයා වහන්සේලා කොපමණක් වඩිනවද? මෙවැනි උතුම් පිංකමකට එක ස්වාමින් වහන්සේ නමයි.අපි අපේ කමට ලැජ්ජා වෙන්න ඕන.මේ තරම් ප්‍රෞඩ ඉතිහාසයක් සිහිපත් කරන දවසක කෝ අපේ පූජ්‍ය පක්ෂය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 97 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 493 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 259 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site