(පී.එම්. රාජපක්ෂ)
පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ වී මිළදී ගැනීම් කටයුතු ක්ෂේත්‍රයටම ගොස් සිදු කිරීමට අද (18) රැස්වී වූ වී මිළදී ගැනීම් සම්බන්ධීකරණය කිරීමේ විශේෂ කමිටුවේදී තීරණය කරන ලදි.
මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති වී මිළදී ගැනීම් සම්බන්ධීකරණය කිරීමේ විශේෂ කමිටුවේ මෙම තීරණ ගන්නා ලදි.
ඒ අනුව ඉදිරි සතියේ සිට මහනුවර දිස්ත්‍රික්කයේ වී අස්වැන්න මිළදී ගැනීම ආරම්භ කෙරෙන අතර, මිළදී ගැනීම් කටයුතු වලදී යුද හමුදාවේ සහයෝගය ලබා ගැනීමටද තීරණය විය.
මහනුවර දිස්ත්‍රික්කයේබහෙක්ටරයාර් 4000 ක පමණ වපසරියක වී වගාව සිදු කෙරෙන අතර, එයින් මෙට්‍රික් ටොන් 8000 ක පමණ අස්වැන්නක් මෙවර බලාපොරොත්තු වේ.මහනුවර දිස්ත්‍රික්කයේ වී මිළදී ගැනීම බහුලව සිදු කෙරෙන්නේ මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨශ වන අතර, වී අලෙවි මණ්ඩලයේ ගබඩා තුනක් එම ප්‍රදේශය තුළ පිහිටා ඇත.
වී අලෙවි මණ්ඩලයට අමතරව මෙවර සමූපකාර සමිතිද වී මිළදී ගැනීම සදහා ඉදිරිපත්ව ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.
මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) උත්පල ජයරත්න, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ එච්.එම්.ආර් බණ්ඩාර ඇතුළු තවත් නිලධාරීන් රැසක්ද මේ අවස්ථාවට සහභාගී වූහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මහනුවර වී මිලට ගැනීම ළගටම ගොස් සිදුකරයි