IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මහනුවර මහ නගර සභාවේ දෙවැනිවර අයවැය කියවීම සම්මතයි

(චමිල් රූපසිංහ)

එක්සත් ජාතික පක්ෂයට බලය හිමි මහනුවර මහ නගර සභාවේ වසර 2019 සඳහා වන අයවැය සභා අනුමැතිය සඳහා දෙවන වර අද (31) ඉදිරිපත් කළ අවස්ථාවේ වැඩි ඡන්දයකින් අයවැය සම්මත විය.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 20 දෙනා අයවැයට පක්ෂවද ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 16 දෙනා හා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 03 දෙනා අයවැයට විපක්ෂවද ඡන්දය පාවිච්චි කළ අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනා සභාවට පැමිණ නොසිටීයහ.

මහනුවර මහ නගර සභාවේ අයවැය ප්‍රථම වර ඉදිරිපත් කළ අවස්ථාවේ අයවැයට පක්ෂව ඡන්ද 20 ක් හිමි වූ අතර  විපක්ෂව ඡන්ද 21 ක් ලැබීම නිසා එය එක් ඡන්දයකින් පරාජයට පත්විය.

දෙවන වර අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේදී  ශ්‍රීලංකා පොදුජන පෙරමුණ,ශ්‍රීලංකා නිදහස් පක්ෂය හා එක්ව අයවැයට විපක්ෂව ඡන්දය දුන්නද ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනා මෙදින සභාවට නොපැමිණ සිටීම නිසා එම ඡන්ද දෙකේ වාසියෙන් එක්සත් ජාතික පක්ෂයට මහනුවර මහ නගර සභාවේ අයවැය එක් ඡන්දයකින් සම්මත කර ගැනීමට හැකිවිය.



අදහස් (1)

මහනුවර මහ නගර සභාවේ දෙවැනිවර අයවැය කියවීම සම්මතයි

krishantha Tuesday, 01 January 2019 07:06 AM

පළමුවර විරුද්ධ වෙලා පස්සේ මාරු වුනේ මොකද ? රට වෙනුවෙන් ජීවිත පුජා කරපු දේශපාලන ව්‍යාපාරයක වර්තමාන තත්වය .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site