IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මහනුවර අවතැන් 98දෙනෙකු ආරක්ෂිත ස්ථානවලට

 (මොහොමඩ් ආසික්)

මහනුවර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් පවුල් 22 කට අයත් පුද්ගලයින් 98 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල රඳවා ඇති බව  මහනුවර  දිස්ත්‍රික් ආපදා කළමණාකරණ  මධ්‍යස්ථානය සඳහන් කරයි.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථායේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කරන්නේ  කුණ්ඩසාලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ රජවැල්ල උතුර ග්‍රාම නිලධාරි වසමේ ගල් පෙරළීමේ අවදානම හේතුවෙන් පවුල් 18 කට අයත් පුද්ගලයින් 70 ක්  ද,දොළුව  පුපුරැස්ස ග්‍රාම නිලධාරි වසමේ නායයෑමේ අවදානම හේතුවෙන්  පවුල් තුනකට  අයත් 23 දෙනෙකුද,  මිනිපේ හසලක ග්‍රාම නිලධාරී වසමේ ගල් පෙරළීමේ අවදානම හේතුවෙන් එක් පවුලක පස් දෙනෙකුද ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවය.

මෙසේ ඉවත් කළ පිරිස් අතරින් ආරක්ෂිත ස්ථාන තුනක පවුල්  හතරට අයත් පුද්ගලයින් 23 දෙනෙකු රඳවා සිටින බවත් තවත් පවුල් 19 කට  අයත් පුද්ගලයින් 75 දෙනෙකු ඥාති නිවෙස්වල පදිංචි වී සිටින බවයි. 

 මෙසේ අවතැන්ව ඇති සියලු දෙනාට අවශ්‍ය පහසුකම් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ අදාළ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල සහායෙන් ලබා දීමට පියවර ගෙන ඇති බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය තව දුරටත් කියයි.



අදහස් (0)

මහනුවර අවතැන් 98දෙනෙකු ආරක්ෂිත ස්ථානවලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 816 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 596 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site