IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


මහනුවරට අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහරින්න රථ 3170 කට අවසර

(මොහොමඩ් ආසික්)

කොවිඩ් 19 හෙවත් කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා පනවා ඇති ඇඳිරි නිතිය හේතුවෙන් නිවෙස්වලට වී සිටින ජනතාවගේ එදිනෙදා ජීවිත තත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා  අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම අවශ්‍ය ගෑස් සැපයීම සඳහා ජංගම රථ 3170 කට මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතාගේ  උපදෙස් මත අවසර ලබා දීමට කටයුතු කර තිබේ.

අත්‍යාවශ්‍ය ආහාර බෙදා හැරීම සඳහා පත් කර ඇති කමිටුවේ නිර්දේශය පරිදි දිස්ත්‍රික් ලේකම්වරයා විසින් මෙම තීරණය ගනු ලැබ තිබේ.

මෙයට අමතරව  එළවළු පළතුරු බිත්තර පොල් බේකරි නිෂ්පාදන ඇතුළු  අනෙකුත් පාරිභෝගික  භාණ්ඩ බෙදාහැරීම සඳහා දිස්ත්‍රික්කයේ ග්‍රාම නිළධාරි වසම් 1187 ආවරණය වන පරිදි අවසර දී ඇති මුළු ජංගම රථ සංඛ්‍යාව 3170 කි.

මේ අතර ගෘහස්ථ ගෑස් බෙදාහැරිම සඳහා අවසර ලබා දී ඇති බලපත්‍ර සංඛ්‍යාව 28 ක්  වෙයි.

ජනාධිපතිතුමන්ගේ උපදෙස් අනුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 20 ම  ආවරණය වන අයුරින් මෙම සේවාව ක්‍රියාත්මක වන බවත් මේ සම්බන්ධයෙන් යම් ගැටළුවක් වේ නම් කමිටුවේ ප්‍රධානී සහ දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂිකා රම්‍ය විජේසුන්දර මහත්මිය (071-8072459)  ඇමතිය හැකි බවත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කියයි.



අදහස් (0)

මහනුවරට අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහරින්න රථ 3170 කට අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 803 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2452 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site