IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


මිහින්තලේ පවුල් 8000 ක් ජල හිඟයෙන් පීඩාවට

 

(දයාරත්න ඇඹෝගම)

 

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අධික නියඟය හේතුවෙන් මිහින්තලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පවුල් 8000ක පුද්ගලයන් විසිපන්දහසකට අධික ප්‍රමාණයක් ජල හිඟයෙන් පීඩාවට පත්ව ඇතැයි මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ සභාපති ලාල් සෙනෙවිරත්න මහතා අද (2) පැවසීය.

මෙම නියඟයෙන් මිහින්තලේ ග්‍රාම සේවා වසම් 25 ක පුද්ගලයන් මෙසේ ජල හිඟයෙන් පීඩාවට පත්ව සිටිති.

දොරමඩලාව , සිප්පුකුලම සහ ඉහළගම යන කොට්ඨාසවල නියඟය වඩාත් උග්‍රවී ඇතැයි ද මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැවසීය.

නියඟය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපති ලාල් සෙනෙවිරත්න මහතා මෙසේ ද පැවසීය.

මිහින්තලේ කනදරාව වැව ඇතුළු වැව් 15 ක් මේ වන විට සම්පුර්ණයෙන්ම හිදිලා. සභාවේ වතුර බවුසර් දෙකත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තිබෙන බවුසරයත් යොදා ගෙන ජලය නොමැති ප්‍රදේශවලට ජලය බෙදාහැරීම සිදු කරනවා.

ජලය සඳහා ජාතික ජල සම්පාදන මණ්ඩලයට මුදල් ගෙවන්න ඕනේ. එහෙත් මේ සඳහා මුදල් නැහැ. මේවන විට ජල සම්පාදන මණ්ඩලයෙන් ජලය ලබා ගන්නේ ණයට. ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවෙන් මේ සඳහා මුදල් ලබාදෙන බව පැවසුවත් මෙතෙක් මුදල් ලැබී නැහැ.

ජලය බෙදාහැරීමට සභාවට තවත් බවුසරයත් ලැබුණ හොත් ජලය බෙදාහැරීම තවත් කඩිනම් ව සිදුකළ හැකි බවද සභාපතිවරයා මෙහිදී පැවසීය.

අනුරාධපුරය, මිහින්තලය සහ රඹැවැව ප්‍රදේශ සදහා ජලය සපයන නුවරවැවේ ජලය සිදීයාමේ හේතුවෙන් රඹැවැව සහ මිහින්තලයට ජලය සපයනුයේ දිනක් හැර දිනක්ය.

ජල හිඟය නිසා මේවන විට මිහින්තලේ රජරට විශ්ව විද්‍යාලය ද දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.



අදහස් (0)

මිහින්තලේ පවුල් 8000 ක් ජල හිඟයෙන් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31800 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14251 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11155 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 222 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1162 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 323 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site