IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


මිහින්තලේ ප්‍රා.සභා මන්ත්‍රීට පහර දුන් 8 කට ඇප

(උපාලි ආනන්ද)

මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා , උප සභාපතිවරයා ඇතුළු ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් අට දෙනෙකු  දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප‍්‍රසන්න සමරසිංහ මහතා අද (1) නියෝග කළේය.

මිහින්තලේ ප‍්‍රාදේශිය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරයෙකු වන කේ.ඞී උපාලි ආනන්ද මහතාට  අතින් පයින් සහ යකඩ පොලූ වලින් පහරදී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ පසුව නීතිඥවරුන් මාර්ගයෙන් මෙම පිරිස අනුරාධපුර පොලිසියට බාර වී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත‍්‍රාත්වරයා මිහින්තලේ පොලිසියට නියෝග කරනු ලැබීය.

මෙසේ ඇප නියම කරනු ලැබූවේ මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ සභාපති ලාල් සෙනවිරත්න , උප සභාපති ලලිත් එදිරිසිංහ සහ මන්ත්‍රීවරුන් වන අජිත් සේනාධීර , රුක්මන් සේනාධීර , ජයරත්න  මෙන්දිස්, චමින්ද සම්පත් දිසානායක, මාධව ලක්රාජ් සහ ආර් ඒ නිපුන මධුශංඛ  රණසිංහ යන මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අට දෙනෙකි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් මිහින්තලේ පොලිසිය සඳහන් කළේ මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයෙකු වන උපාලි ආනන්ද නැමැති තම පියාට මිහින්තලේ වේලන්කුලෙමිදී  පිරිසක් පහරදී තුවාල සිදු කර ඇති බව පවසමින් වෘත්තියෙන් පාසල් කාර්යාල  කාර්ය සහයකයෙකු වන දුලාන් මදුසංඛ යන අය ඉකුත්  29 වන දා  මිහින්තලේ පොලිසියට පැමිණිල්ලක් කළ බවයි.

අදාල පහරදීම සිදු කළේ ලාල් සෙනවිරත්න , ලලිත් එදිරිසිංහ අජිත් සේනාධීර  , රුක්මන් සිරිසේන , ජයරත්න මෙන්දිස්  චමින්ද සම්පත් දිසානායක , මාධව ලක්රාජ් සහ නිපුන මධංසංඛ රණසිංහ යන අයවලූන් බවද අදාල පැමිණිල්ල මගින් තවදුරටත් සඳහන් කර ඇති බව අධිකරණයට දැනුම් දුන් පොලිසිය එම අවස්ථාවේ සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ආරම්භ කළ බවද පැවසීය.

ඒ වන විටත් ප‍්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටි සැකකරුවන් අද නීතිඥයින් මාර්ගයෙන් අනුරාධපුර  පොලිසියට බාර වී ඇති බවද අධිකරණයට කියා සිටි පොලිසිය සැකකරුවන්ගේ පහර කෑමට ලක්ව ඇති බව කියන උපාලි ආනන්ද නැමැති ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටින බවද පොලිසිය සඳහන් කළේය.

 

 



අදහස් (0)

මිහින්තලේ ප්‍රා.සභා මන්ත්‍රීට පහර දුන් 8 කට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31668 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14128 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11109 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 188 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site