IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මුහුදේ ගසාගෙන ගිය දෙදෙනෙක් බේරා ගැනෙති

(අමදෝරු අමරජීව)

ත්‍රිකුණාමලය , කොටුව මුහුදු තීරයේ  දිය නාමින්  සිටි පිරිසක්   සුළගට අසුව දියඹ  ට ගසාගෙන ගිය  දෙදෙනෙකු බේරා ගැනිමට  එහි රාජකාරියේ නියුතු පොලිස් ජිවිතාරක්ෂක  ඒකකයේ නිලධාරිහු අද(20)  සමත්වුහ.

සුළං පිරවු ටියුබයක් ආධාරයෙන්  දිය නාමින් සිටි  පාසල් සිසුවියක් ටියුබයේ  සුළං යෑම නිසා  දියවැලකට අසුවි  ගසාගෙන යද්දි ඇගේ බාප්පා දියණියව බේරාගැනිමට  යෑමේදි ඔහුද දිය වැලකට අසු වෙද්දි පොලිස් ජීවිතාරක්ෂක පිරිස් කඩිනමින් ක්‍රියාත්මක වීම නිසා එම ජීවිත බේරා ගැනීමට හැකි ව තිබේ.

මෙසේ බේරා ගනු ලැබුවේ ත්‍රිකුණාමලය  ඇතුල් වරාය පාරේ පදිංචි කලෙයිඥාන සුන්දරම් කිර්තිකා (14) හා ඇගේ බාප්පා වන යාපනය, කරවෙට්ටි  පදිංචි විජයබාහු  නිරෝදන් (30) නැමැති අයයි.

මෙම පොලිස් ජිවිතාරක්ෂක  ඒකකය ස්ථානාධිපති උප පොලිස්  පරික්ෂක මංජුල  ආරියරත්න යන  මහතා යටතේ ක්‍රියාත්මක  වන අතර 
සැරයන් (54427) " කොස්තාපල් වරුන් වන (38935) ප්‍රසන්න, (52622) බස්නායක, (66364)සුරේන්ද්‍ර (60563) කුමාරසිංහ යන නිලධාරින් මෙම ජිවිත බේරාගැනිමට සමත්වුහ.



අදහස් (1)

මුහුදේ ගසාගෙන ගිය දෙදෙනෙක් බේරා ගැනෙති

Raveendra Monday, 20 August 2018 10:56 AM

මිනිස් ජිවිත මෙසේ බේරාගත් ඔබලාට පිං. එමෙන්ම තම රාජකාරිය කරන ගමන් කරගත්තා වූ මේ කුසල් මගින් ඔබලාගේ සියලු පැතුම් සාර්ථක වේවා!!!!

:       0       35

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site