(පද්මා කුමාරී කංකානම්ගේ )
නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට ප්‍රවාහනය කරන ලද මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් 600 ක් උච්චිමුණේ දූපතට අයත් රෝද පාඩුව වැළි බිමේ සිට මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු කල්පිටිය විජය නාවික හමුදා කඳවුරේ නිලධාරීන් විසින් අද (18) අත්අඩංගුවට ගෙන කල්පිටිය පොලිසියට භාර දී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කල්පිටිය සහ උකුවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බව පොලිසිය පැවැසීය.
මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය සඳහා යොදා ගත් යාත්‍රාව සහ එන්ජිමද අත් අඩංගුවට ගෙන ඇත.
අත් අඩංගුවට ගත් මුහුදු කූඩැල්ලන් අතර සංරක්ෂිත මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් 123 ක්ද වූ බව පරීක්ෂණ මෙහෙයවන කල්පිටිය පොලිසිය පවසයි.
සැකකරුවන් සහ නඩු භාණ්ඩ හෙට (19) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.කල්පිටිය පොලිසිය වැඩි දුර පරීක්ෂණ මෙහෙයවයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කළ 2 ක් අත්අඩංගුවට