IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


මුහුදුබඩ දුම්රිය මාර්ගවල වර්ණ සංඥා පද්ධති අක්‍රීයයි

(සුමතිපාල දීයගහගේ )
 
 මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය හරස් මාර්ගවල අනතුරු ඇඟවීම සදහා  අලුතෙන් සවිකර ඇති ඇතැම් සීනුව සහිත වර්ණ සංඥා පද්ධති නිසි ලෙස ක්‍රියාත්මක නොවිම නිසා එම මාර්ගවල ගමන් කරන මහජනයාට සහ රථවාහන රියදුරන්ටඅපහසුතා රැසකට මුහුණ පෑමට සිදුවී තිබේ.
 
මේ අනුව අහංගම මහා විහාර මාවතේ දුම්රිය හරස් මාර්ගයටසවි කර ඇති සීනුව සහිත වර්ණ සංඥ පද්ධතිය පැය විසි හතරපුරා ක්‍රියාත්මකවීම නිසා එම මාර්ගයේ ගමන් කිරිම බරපතල අනතුරු වී ඇත.
 
එහි සීනුව පැය විසි හතර පුරා නාද වෙමින් දුම්රියක් පැමිණෙන විට දැල්වෙන රතු පැහැති වර්ණ සංඥාව නොකඩවා ක්‍රියාත්මක වීමේ දෝෂය නිසා මේ තත්වය උදාවී ඇත.
 
එමෙන්ම ගාල්ල කටුගොඩ සුධර්මාලය  දුම්රිය හරස් මාර්ගයේවර්ණ සංඥා පද්ධතියේ කහ පැහැති වර්ණ සංඥාව දැල්විය යුතුඅවස්ථාවේදීද අනතුරු අගවන රතු පැහැති වර්ණ සංඥාව දැල්වෙන බවට ප්‍රදේශවාසීහු ගාල්ල වරාය පොලිසියට පැමිණිලි කර තිබේ.
 
 මේ අතර අහංගම විජේසිංහ මාවතේ දුම්රිය හරස් මාර්ගයේසංඥා පද්ධතියේ සීනුව ඉතා හෙමින් නාදවිමේ දෝෂයක්දපවති. මීට අමතරව මුහුදුබඩ දුම්රිය මාර්ගයේ තවත් හරස් මාර්ග කීපයක මෙම වර්ණ සංඥා පද්ධතිවල දෝෂ පවතින බවද වාර්තාවේ.මුහුදුබඩ දුම්රිය මාර්ගයේ හරස් මාර්ගවලට අලුතෙන් අනතුරු ඇගවීමේ වර්ණ සංඥා පද්ධති සවි කිරිමෙන් පසුව ඒ ඒප්‍රදේශවල පොලිසි මගින් එම හරස් මාර්ගවලට යොදවා සිටි ගේට්ටු මුරකරුවන්ද ඉවත් කර තිබේ.

 මේ පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ගමනා ගමනඅධිකාරි ඩබ්ලිව්. ඩී. ආර්. පත්මලාල්  මහතාගෙන් විමසු විට  පැවසූයේ පවතින මෙම  දෝෂ පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවේ වර්ණ සංඥා දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවයි.



අදහස් (0)

මුහුදුබඩ දුම්රිය මාර්ගවල වර්ණ සංඥා පද්ධති අක්‍රීයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 161 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 95 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1689 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site