(නිමල් ජයරත්න)
දිඹුලාගල නිවසකට මුහුණු ආවරණය කරගෙන ඇතුළු වූ තිදෙනෙකු අද(29) නිවැසියන් බිය ගන්වා රන් භාණ්ඩ හා මුදල් කොල්ල කා පලාගොස් ඇතැයි අරලගංවිල පොලිසිය කියයි.
කොල්ලකරුවන් නිවස ඉදිරිපිට පළමුව අලි වෙඩි පත්තු කර ඇත. එවිට නිවැසියන් අසළ ගෙවතුවලට වන අලි පැමිණ ඇතැයි සැක සිතී දොර ඇර විපරම් කිරීමේදී, කොල්ලකරුවන් මුහුණු ආවරණය කරගෙන නිවසට ඇතුළු වී ඇතැයිද පිහි පෙන්වමින් බිය ගන්වා මුදල් හා භාණ්ඩ කොල්ල කා ඇතැයිද පොලිසිය පවසයි.
කොල්ලකරුවන් නිවැසියන්ගේ අත් පා ගැටගැසීමට උත්සාහ දරා ඇති අතර, එහිදී පිහි පහරවලට තුවාල වූ ගෙහිමි කාන්තාවක පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව පරීක්ෂණ පවත්වන පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගෙහිමියා හදිසි ඇමතුම් අංශයට දැනුම්දී පොලිසියට පැමිණිලි කර ඇත.
කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයිද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මුහුණු ආවරණය කළ කල්ලියක් මුදල් කොල්ලකති