(ජයන්ත සමරකෝන්)
සිය නිළ ඇඳුමේ මේස් කුට්ටම තුළ සඟවාගෙන මත්කුඩු පැකට් දෙකක් කළුතර බන්ධනාගාරය තුළට රැගෙන යමින් සිටි බන්ධනාගාර නියාමකවරයෙක් එහි නිලධාරීන් කණ්ඩායමක් විසින් අද අත් අඩංගුවට ගෙන ඇත.
මොහු මත්කුඩු පානයට තදින්ම ඇබ්බැහිවූවෙක් බවටද සැකකරේ.
සැකකාර නිලධාරියාගේ වැඩ තහනම් කිරීමේ නිර්දේශය ඇතුළත් වාර්තාවක් බන්ධනාගාර මූලස්ථානය වෙත යැවූ බව එහි ප්‍රකාශකයෙකු පැවැසීය.
මෙම මත්කුඩු පැකට් දෙක රැගෙන ගොස් ඇත්තේ කුමක් සඳහාද යන්න පිළිබඳව බන්ධනාගාරය මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මේස් කුට්ටමේ මත්කුඩු ගෙනා බන්ධනාගාර නියාමක අල්ලයි