(දයාරත්න ඇඹෝගම)
රඹෑව නගරයේ වෙළඳසැලක සේවය කරමින් සිටින මුස්ලිම් ජාතික සේවකයන් දෙදෙනා වහාම පන්නා දමන ලෙස වෙළඳසැල් හිමියාට මරණීය තර්ජනය කළේ යැයි කියන පුද්ගලයෙකු අද(13) අත්අඩංගුවට ගත්බව මිහින්තලය පොලිසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ මහකනදරාව, මිහින්තලය පදිංචි රඹෑව නගරයේ වෙළඳසැලක් පවත්වාගෙන යන 29 හැවිරිදි තරුණයෙකි.
රඹෑව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී තරිදු සමරවීර මහතා විසින් රඹෑව නගරයේ පවත්වා ගෙන යන මෙම වෙළඳසලෙහි කාලයක සිට මෙකී සේවකයන් දෙදෙනා සේවය කරන බව පොලිසිය කියයි.
සැකකරු බීමතින් පැමිණ සේවකයන් දෙදෙනා වහාම පලවා හරින ලෙස තර්ජන කළ බව මන්ත්‍රීවරයා විසින් පොලිසියට කළ පැමිණිලි කර තිබිණි.
සැකකරු අද(13) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මුස්ලිම් සේවකයන් පළවාහරින්නැයි තර්ජනය කළ අයෙක් අත්අඩංගුවට