IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


මසුන් ඇල්ලීමට ගිය ධීවර කාර්මිකයෙක් දියේ ගිලී මරුට

(ජේ.කේ.එල් චාමින්ද පි.ඩබ්ලිව් ප්‍රේමතිලක ද සිල්වා)

අද (08) පස්වරුවේ රත්ගම කළපුවේ මසුන් ඇල්ලිමට ගිය ධිවර කාර්මිකයින් තිදෙනෙකුගෙන් එක් අයෙකු දියේ ගිලිමෙන් මියගොස් ඇති අතර අනික් දෙදෙනා ප්‍රදේශවාසින් විසින් බේරාගෙන ඇති බව රත්ගම මහහැගොඩ හදිසි මරණ පරික්ෂ බි.එම් ඒ සාගරිකා නිල්මිණි මහත්මිය පැවසුවාය.

ධිවර කාර්මිකයින් තිදෙනා ඔරුවකින් මසුන් ඇල්ලිම සදහා යමින් සිටියදි කළපුවේ කටුදම්පේ ප්‍රදේශයට ආසන්නයේ දි දියවැලකට හසුවිමෙන් ඔරුව පෙරැලි ගොස් ඇති බව හදිසි මරණ පරික්ෂකවරිය සදහන් කළාය.

මියගිය පුද්ගලයාට ඔරුකදේ එල්ලි සිටින ලෙස පවසා අනික් දෙදෙනා ගොඩබිමට පිහිනා ඇත.ඒ සමග ඔරුකදේ එල්ලි සිටි ධිවර කාර්මිකයාද පිහිනා ගොස් ඇත. ඔහු පිහිනමින් සිටියදි දියේ ගිලි තිබේ.

පසුව ගම්වැසියකු මොහු බේරාගෙන රත්ගම පුනන්ගොඩ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් තිබේ . අනික් ධිවර කාර්මිකයින් දෙදෙනා ගම්වැසියන් විසින් බේරාගෙන ඇත.

මියගොස් ඇත්තේ කොරළගේ සුනන්ද (50) නැමති රත්ගම දෙවිනිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය අයගේ හදිසි මරණ පරික්ෂණය හෙට (9) කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවැත්විමට නියමිතය.



අදහස් (0)

මසුන් ඇල්ලීමට ගිය ධීවර කාර්මිකයෙක් දියේ ගිලී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 816 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2461 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1772 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site