(රංජිත් රාජපක්ෂ)
මස්කෙළිය ශ්‍රී පාද නල්ලතන්නිය මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (12) අහවල් 12.00 සිට පස්වරු 2.00 දක්වා පැය දෙකක පමණ කාලයක් ඇන හිට තිබූ බව නල්ලතන්නිය පොලිසිය පැවසීය.
මස්කෙළිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ නල්ලතන්නිය මෝහිණි ඇල්ල ප්‍රදේශයේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් එම මාර්ගය ප්‍රතිසංස්කරණය කරන ස්ථානය අසළ පස් කන්දක් මෙසේ කඩා වැටී ඇත.
මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයට අද උදෑසන සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මාර්ගයට පස් කන්ද කඩා වැටුණු බවත්, මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතුවල නියැළී සිටි නිලධාරීන් විසින් එම පස් ඉවත් කර එම මාර්ගයේ ගමනා ගමන කටයුතු එක් මංතීරුවකට සිමා කළ බවත් නල්ලතන්නිය පොලිසිය පැවසීය.
තවදුරටත් එම ස්ථානයේ පස් කඳු කඩා වැටීමේ අවධානමක් පවතින බැවින් රථ වාහන ධාවනය කිරීමේදි සැලකිලිමත් වන ලෙස නල්ලතන්නිය පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
මේ අතර පවතින අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවරු පැවසූහ.

2025 දෙසැම්බර් මස 16
6
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මස්කෙළිය ශ්‍රී පාද මාර්ගයට පස් කඳු කඩා වැටීමෙන් ගමනාගමනය ඇනහිටී