IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මස්කෙළියේ නිවසක ගින්නක්

(ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)

මස්කෙළිය සාමිමලේ, ගවරවිල තේ වතුයායේ බාග්‍රෝ කොටසේ වතු නිවාස පේළියක පිහිටි නිවසක අද (10) පස්වරුවේ ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම නිවසේ උඩු මහළ සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්ව තිබේ.

ගින්න ඇතිවන අවස්ථාවේ නිවැසියන් තේ වතුයායේ දෛනික සේවය සඳහා ගොස් සිටි නිසා කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැත.

එම වතු නිවාස පේළියේ පදිංචි වතු කම්කරුවන් ඇතුලු පිරිසක්  මෙම ගින්න පැතිරයාම වළක්වා වහා ගින්න නිවා දැමීමට පියවර ගැනීම නිසා අනෙකුත් නිවාස වලට සිදුවීමට තිබූ අනතුර වළක්වාගෙන ඇත. මෙම ගින්නෙන් එම නිවසේ ගෘහ භාණ්ඩ, ඇඳුම් පැළඳුම් දැවී විනාශයට පත්ව තිබේ.

මෙම නිවසේ පදංචිව සිටි කුඩා ළමයින් ඇතුලු දස දෙනෙක් අවතැන්ව ඔවුගේ ඥාතීන්ගේ නිවාසවල තාවකාලිකව ලැගුම්ගෙන සිටිති.

ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැකකරන බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් මස්කෙළිය පොලිසිය පවසයි.



අදහස් (0)

මස්කෙළියේ නිවසක ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site