(ක.ග.කරුණාරත්න සහ ඩබ් ඒ පියතිලක)
වේලන ලද මුව මස් කිලෝ 5ක් සහ බෝර 12 පතරොම් තුවක්කුවක් සමඟ පුද්ගලයකු අද(04) අංගමැඩිල්ල ජාතික වනෝද්‍යානයේදී අත්අඩංගුවට ගත්බව වන ජීවී නිලධාරීහු කියති.
ටී 56 ජීව උණ්ඩ 63ක් , බෝර 12 තුවක්කුවට භාවිත කරන පතුරම් 10ක් , හක්කපටස් 3ක් සහ යුද හමුදා ඇඳුමක් ඇතුළු උපකරණ රැසක් ද ඔහු සතුව තිබී හමු වී ඇත.
වනජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත නිකවැව වනජීවී කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමත් මෙම වැටලීම කර තිබේ. එම අවස්ථාවේ ටී 56 අවියක් අතතිව පුද්ගයෙකු ඇතුළු තිදෙනෙකු පලාගිය බවත් එහි සිටි එක් පුද්ගලයෙකු පලා යන අවශ්ථාවේ ලුශුබැද ගොස් අත්අඩංගුවට ගෙන ඇත.
ජංගම දුරකථන 5ක්, විදුලි පන්දම් 5ක්, බයිසිකල් බෝල 100ක්, වැහි ආවරණයක් ද නිලධාරීන් බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා ජයන්තිපුර ට්‍රැක් 07 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවත් පලාගිය පුද්ගලයින් ද ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද වන සතුන් දඩයම් කර මස් විකිණීමේ ජාවාරමක නියුතු අය බවද, විමර්ශනවලදී හෙළිවූ බව එම නිලධාරීහු පැවැසූහ.
අත්අඩංගුවට ගත් සැකකරු ඇතුළු උපකරණ (05) පොළොන්නරුව අධිකරණයට ඉදිරිපත් කරන බව වනජිවි නිලධාරීහු පවසති.
සෙසු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි එම නිලධාරීහු කීහ.
(ඡායාරූප - ඩබ්. ඒ. පියතිලක)



2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මුව මස් සමඟ අයෙක් අත්අඩංගුවට