(චන්දන ප්‍රනාන්දු)
දන්කොටුව මෝරුක්කුලිය ප්‍රදේශයේ ගරාජයක සඟවා තිබූ තියුණු මුවහත සහිත කඩුවක් සමඟ ගරාජයේ හිමිකරුව සැකපිට අත්අඩංගුවට ගත්බව දන්කොටුව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරුක්කුලියේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිසිය ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම කඩුව සොයාගත් බවත් මෙම කඩුව සඟවාගෙන සිටීම සම්බන්ධයෙන් ගරාජයේ හිමිකරු කළ පරස්පර ප්‍රකාශ හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.
අවට ඇති කැලය පිරිසිදු කිරීම සඳහා මෙම කඩුව ගරාජයේ තබාගෙන සිටි බව සැකකරු පොලිසියට පවසා ඇත.
සැකකරු හමුදා සේවයේ සිට වැඩ තහනමට ලක්ව ඉන් ඉවත් කරන ලද අයෙක් බවත් මෙයට වසරකට පමණ පෙර බලපත් නැතිව තුවක්කු දෙකක් ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ බවත් පොලිසිය කීය.
සැකකරුව හා කඩුව මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මුවහත් කඩුවක් සමඟ ගරාජ හිමිකරුවකු අත්අඩංගුවට