(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කර ඇති “ගොවිජන තුරු මිතුරු රුක් රෝපණ” ජාතික වැඩසටහනට සමගාමීව මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශ මායිමේ කුඹුක් පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් අද (08) පෙරවරුවේ පැවැත්විණි.
නෝටන්බ්‍රීජ්. විදුලිපුර ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් සංවිධානය කර තිබූ මෙම රුක් රෝපණ වැඩසටහනේදී, මාවුස්සාකැලේ සමන් දේවාලය ඉදිරිපිට මාවුස්සාකැලේ ජලාශ මායිමේ හැටන් අඩවි වන කාර්යාලය මගින් ලබා දී තිබුණ කුඹුක් පැළ 100 ක් පමණ රෝපණය කිරීම සිදු කෙරිණි.
මාවුස්සාකැලේ ජලාශයට ජලය සැපයෙන ජල මූලාශ්‍ර ආශ්‍රිතව මෙම රුක් රෝපණ කටයුතු සතියක් පුරා ක්‍රියාත්මක කරන බව නල්ලතන්නිය, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර ඩබ්.එම්. ප්‍රභාත් වික්‍රමසිංහ මහතා මෙහිදි පැවසීය.
මෙම අවස්ථාවට හැටන් අඩවි වන කාර්යාලයේ අඩවි වන නිලධාරී හෙට්ටිආරච්චි, විදුලිපුර ගොවිජනසේවා මධ්‍යස්ථානයේ ස්ථාන බාර නිලධාරිණී පී.සී.එම්. කුරේ, මාවුස්සාකැලේ යුද හමුදා අනු කණ්ඩයේ අණ දෙන නිලධාරී කපිතාන් ජයම්පති, වන ව්‍යාපෘති නිලධාරිණී සුධර්ධා මැණිකේ, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර ඩබ්. එම්. ප්‍රභාත් වික්‍රමසිංහ,මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ කාර්මික නිලධාරි හේමන්ත යන මහත්ම මහත්මීන්, මාවුස්සාකැලේ ජලාශ ආරක්ෂක අංශයේ නාවුක හමුදා නිලධාරීන්, විදුලි බල මණ්ඩලයේ ආරක්ෂක අංශයේ නිලධාරීන්, හැටන් අඩවි වන කාර්යාලයේ නිලධාරීන් හා රිකාටන් ගොවි සමිතියේ සාමාජිකයින් ඇතුළු පරිසර හිතකාමීහු පිරිසක් සහභාගි වූහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මාවුස්සාකැලේ ජලාශ මායිමේ කුඹුක් පැළ රෝපණය කරයි
Raveendra Tuesday, 08 October 2019 09:08 AM
අනාගත පරපුර වෙනුවෙන් ඔබලා කරන ලද මෙම ආයෝජනය පිළිබදව අප අවංකවම ඔබලාට ස්තුතිවන්ත වන්නෙමු. සහභාගිවු ඔබ සියලුදෙනාට යහපතක්ම වේවා !!!