IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මුවමස් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

(සේනක  බණ්ඩාර)

මීගලෑව  පහළගම ප්‍රදේශයේ  නිවසක මුළුතැන්ගෙය තුළ සඟවා තිබූ මුවමස් තොගයක් සමඟ සැකකරුවෙක්  අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මීගලෑව  වනජීවී  කාර්යාලයට  ලද තොරතුරකට අනුව  වැටලීම සිදුකළ අවස්ථාවේ  රාත්‍රීයට පිසගැනීම සඳහා මුවමස්  තොගයක් මුළුතැන්ගෙය තබා තිබියදී අත්අඩංගුවට ගෙන ඇත.

මීගලෑව  පහළගම ප්‍රදේශයේ  පදිංචි  37 හැවිරිදි සැකකරු රැකියාව වශයෙන් ලී ඉරීම සිදු කරන බව මීගලෑව  වනජීවී කාර්යාලයේ වනසත්ත්ව  අඩවි ආරක්ෂක  නිලධාරිවරයා  පැවසීය.

කහල්ල පල්ලේකැලේ  රක්ෂිත මායිමේදී  වෙඩි තබා මුවා ඝාතනය  කරන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.

සැකකරු සමඟ මුවමස් තොගය  ගල්ගමුව අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

 



අදහස් (0)

මුවමස් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site