(ශාන්ත ප්‍රදීප් කුමාර)
ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ පළමු ශ්‍රේණියට 2019 වසරේදී සිසුවියන් සිව්දෙනෙකු ඇතුළුත් කර නොගැනීමෙන් තමන්ට බලවත් අසාධාරණයක් වූ බව පවසමින් එම සිසුවියන්ගේ මා පියන් ඇතුළු පිරිසක් තෙවන වරටත් බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී අද (25) උද්ඝෝෂණයක් පැවැත්විණි.
පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණය අසල සිට විරෝධතා පාඨ කියමින් පෙළපාලියකින් අධ්‍යාපාන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ විරෝධතාකරුවෝ පොලිසියේ අණ නොතකා අමාත්‍යාංශය ගේට්ටුව කඩා ඇතුල්වීමට උත්සහ කළ අතර එහිදී පොලිසිය හා විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් හට ගැණිනි.
පොලිසිය මැදිහත්වී අසාධාරණයට ලක්වූ මා පියන් සිව්දෙනා ඇතුළු හය දෙනෙකුට ඇමැතිවරයාගේ ලේකම්වරයෙකු හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාව සලසා දුන් අතර එහිදී සිසුවියන් සිව්දෙනා ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයට ඇතුළත් කර ගැනීමට පියවර ගෙන තිබුණි.
ඒ පිළිබඳව ලිඛිත අවසරය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මා පියන්ට ලබා දී තිබුණි.
මෙම විරෝධතාවය අතර තුරදී පොලිස් නිලධාරියෙකු සිවිල් ඇඳුමින් සැරසී ඡායාරූප ගත් බව පවසමින් විරෝධතාකරුවෝ ඔහුට පහරදී කැමරුව උදුරාගත් ගැනීමට උත්සහ කළ අතර පොලිසිය මැදිහත්වී කලහකාරී ලෙස හැසිරුණ පිරිස විසුරුවැ හැරීහට කටයුතු කළහ.
පොලිස් කැරලි මර්ධන ඒකකය සහ ජල ප්‍රහාරක බවුසර් විරෝධතාව පැවැත්වෙන අවස්ථාවේ දී ඒ අසලට කැඳවා තිබුණි.


2025 දෙසැම්බර් මස 18
209
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මව්පියන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක
sarath Tuesday, 26 February 2019 01:51 AM
එන්න එන්නම රට අගාධයට යනවා. කුඩු, කසිප්පුකාරයෝ දේශපාලකයෝ වෙලා පාර්ලිමේන්තුවට රිංගන 13 වෙනි සංශෝදනයෙන් පස්සේ මේක තවත් තීව්‍ර වුනා. සියලුම රාජ්‍ය සේවාවන් අගාධයට ගියා. බහුතර රාජ්‍ය සේවකයිනුත් වග කියන්න ඕනේ.