(සමන් විජය බණ්ඩාර)
මාවනැල්ල හා ඒ අවට ඉදි කර ඇති බුදු පිළිම කැඩූ පුද්ගලයකු පොලීසියට කොටු කර දීමට මාවනැල්ල ප්‍රදේශවාසීන් අද (26) කටයුතු කර තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සමඟ තවත් අයෙකු මෙම ක්‍රියාවට සම්බන්ධව සිට ඇති අතර ඔවුන් මාවනැල්ල, රන්දිවෙල සහ මහත්තේගම මංසන්දි දෙකක ඉදි කර තිබූ බුදු පිළිම දෙකකට ද මීට පෙර හානි කර තිබුණි.
ඔවුන් අද (26) අලුයම කඩුගන්නාව මාවනැල්ල දිදුරුවත්තේ බුදු පිළිමයක් කඩද්දී ගම්වාසීන් ඉන් එක් තරුණයකු අල්ලා ඇති අතර අනෙක් පුද්ගලයා පැන දිව ගොස් ඇති බව පොලිසිය පවසයි.
අල්ලාගත් තරුණයාගේ එක් අතකට හානි සිදුවීම නිසා ඔහු මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
පලා ගිය සැකකරු සොයා මේ වන විට ප්‍රදේශයේ මෙහෙයුමක් ද ක්‍රියාත්මක වන බව පොලිසිය කියයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මාවනැල්ලේ බුදු පිළිම කැඩූ අයෙක් අල්ලයි
Raveendra Wednesday, 26 December 2018 06:07 AM
බුදු පිළිමයකට හානි කිරීම පමණක් නොව ඕනෑම ආගමකට අයත් දෙයකට හානි කිරීම නිවටයන්ගේ, ගති ලක්ෂණයකි.