(දිලීප් ජයසේකර)
සුරියවැව හා උඩවලව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා මවුආර වනජීවි නිලධාරීන් එක්ව තණමල්විල උඩවලව පාරේ පිහිටි මවුආර ප්‍රදේශයේ කළ වැටලිමකදි අද(29) අලුයම මවුආර ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයේ පවත්වාගෙන ගංජා හේන් දෙකක් සොයා ගැනීමට සමත් වී තිබේ.
මවුආර වනජීවි රක්ෂිතය තුළ රහසිගතව ගංජා හේන් පවත්වාගෙන යන බවට සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින්ට ලද ඔත්තුවකට අනුව මෙම වැටලීම කර තිබේ.
අක්කර කාල බැගින් පවත්වාගෙන ගිය ගංජා හේන් දෙකෙහි, අඩි දෙකහමාර හා එකහමාර ප්‍රමාණයේ ගංජා ගස් 10,185ක් ගලවා ගිනි තබා විනාශ කර ඇත.වැටලීම සිදුකරන අවස්ථාව වන විට සැකකරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර සැකකරුවන් සොයා විශේෂ පරීක්ෂණයක්ද ආරම්භ කර තිබේ.
හේන් දෙකෙන් ලබා ගත් ගංජා පැළ සාම්පල අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මවුආර අඩවි වන කාර්යාලය වෙත බාර දී තිබේ.
සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරික්ෂක අනුර රණසිංහ,උප පොලිස් පරීක්ෂක ජයවර්ධන,පොලිස් සැරයන් (366)සිරිවර්ධන,පොලිස් කොස්තාපල් (37654)අබේරත්න,මවුආර අඉවි වන නිලධාරී නන්දසේන ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව මෙම වැටලීම කළහ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
මවුආර ජල පෝෂක ප්‍රදේශයේ ගංජා හේන් දෙකක් වටලයි