(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර මල්වතු ඔය දෙපස පවිත්‍ර කිරිම යළි අරඹන ලෙස ඉල්ලා මල්වතු ඔය දෙපස පදිංචිකරුවන් සහ ගොවි සංවිධාන සාමාජිකයන් පිරිසක් අද (30) අනුරාධපුර ඩි.එස්.සේනානායක වටරවුම ඉදිරියේ දී උද්ඝෝණයක් ඇරඹුහ.
ගංවතුර තර්ජනය හේතුවෙන් මල්වතු ඔය නිරතුරුවම උතුරා යාම නිසා මල්වතු ඔය දෙපස යටවී එහි පදිංචිකරුවන් මෙන්ම අනුරාධපුර නාගරික ජනතාව ද දිගු කාලයක් පුරාවටම අපහසුවට පත්ව සිටිති.
එම නිසා මල්වතු ඔය දෙපස සහ මල්වතු ඔයට කඩා වැටී ඇති ගස් ඉවත්කර මල්වතු ඔයේ ජලය බාධාවකින් තොරව ගලා බැස යාමට මල්වතු ඔය නවීකරණය කිරිමේ සැළසුම මීට මාස තුනකට පමණ පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ වාරිමාර්ග අමාත්‍ය දුමින්ද දිසානායක යන මහත්වරුගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
මෙසේ ආරම්භ කරනු ලැබු මෙම වැඩසටහනේ දී මල්වතු ඔය දෙපස ඇති කුඹුක් ගස් කැපිම, වැලි ගොඩ දැමීමේ ජාවරමක් පවතින බවට පැතිර ගිය කතාබස් නිසා පසුගිය සතියේ සිට මල්වතු ඔය ප්‍රතිසංස්කරණය කිරිම මන්දගාමිව සිදුවිය.


2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මල්වතු ඔය දෙපස පවිත්‍ර කිරිම යළි අරඹන්න’යි ඉල්ලා උද්ඝෝෂණයක්