IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මුල්ලේගම ග්‍රාමාරක්ෂකයාගේ මරණය ඝාතනයක් බව හෙළිවෙයි

වසන්ත චන්ද්‍රපාල
 
ඉඟිණියාගල පොලිස් බල ප්‍රදේශයේ මුල්ලේගම ගම්මානයේ ඉකුත් 08 වෙනි දා වලසුන් තිදෙනෙකු පහර කෑමට ලක්වීමෙන් පසුව තුවක්කුවකින් වෙඩි තබාගෙන මිය ගියා යැයි කී ග්‍රාමරක්ෂක භටයාගේ මරණය සිය දිවිහානි කර ගැනීමක් නොව මනුෂ්‍ය ඝාතනයක් බවට අම්පාර මහ රෝහලේ පැවැති පශ්චත් මරණ පරීක්ෂණයේදි හෙලිවි තිබේ.
 
මුල්ලේගම පදිංචි රවින්ද්‍ර තුසිත කුමාර නැමැති 38 හැවිරිදි  ග්‍රාමාරක්ෂක භටයා කරාඩුගල පොලිසියට අනුයක්තව සේවය කළේය.   දින තුනක හිලව් නිවාඩු රැගෙන ගොස් සිටියදී ඔහුගේ මළ සිරුර මුල්ලේගම  ප්‍රදේශයේ හේනක පැලක තිබියදී සොයා ගැණිනි.
 
අම්පාර අතිරේක මහේස්ත්‍රාත් හංසදේව සමරදිවාකාර මහතා සිද්ධිය වු ස්ථානයට පැමින මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්විමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට දේහය අම්පාර මහා රෝහලට රැගෙන යන ලෙසට පොලිසියට නියෝග කළේය.
 
අම්පාර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය රුචිර නදීර මහතා   පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර මෙම මරණය වෙඩි ප්‍රහාරයන් දෙකක් වැදීමෙන් සිදුවු මරණයක් බවට නිගමනය කළේය. වලසකු විසින් පහරදීමකින් මෙම මරණය සිදු සිදුවී නැති බවද සදහන් කළේය.
 
පළමු වෙඩිල්ල නිකටෙන් වැදී හක්ක ප්‍රදේශයෙන් පිටව ගොස් ඇති  අතර එයින් මාරාන්තික තුවාල සිදුවී නැතැයි ද, දෙවැනි වෙඩිල්ල හිස් මුදුනෙක් වැදි හක්ක  ප්‍රදේශයෙන් පිටව ඇති අතර එයින් හිසට සිදුවූ බරපතල තුවාල නිසා මෙම මරණය සිදුව ඇති බව ද    විශේෂඥ අධිකරණ වෛද්‍ය රුචිර නදීර මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව තිබේ.
 
ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

මුල්ලේගම ග්‍රාමාරක්ෂකයාගේ මරණය ඝාතනයක් බව හෙළිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site