(සිතුම් චතුරංග)
මුලතිව් ආලම්පිල් ප‍්‍රදේශයේ ඉදිකෙරෙන හෝටලයක් තුළ තිබී ආරක්ෂක අංශ විසින් භාවිතා කරන ගමන් කථන (වෝකි ටෝකි) නවයක්, ආරක්ෂක අංශ පළඳින සපත්තු සහ නිල ඇඳුමට සමාන ඇඳුම් කිහිපයක් අද (1) සොයාගත් බව මුලතිව් පොලිසිය කියයි.
සොයාගත් උපකරණ අතර විශේෂිත දුරදක්නයක්, යුද හමුදාව භාවිතා කරණ මැගසීන් රඳවනයක්, කිණිස්සක් හා ගමන් කථනයට යොදන බැටරි ද යුද හමුදාව විසින් සොයාගත් බව පොලිසිය පවසයි.
අදාළ හෝටලය විදේශ රටක සිටින පුද්ගලයකු විසින් මුදල් යොදවා සුඛෝපභෝගී හෝටලයක් ලෙස ඉදිකිරීම් කරගෙන යනු ලබන අතර සෝදිසි මෙහෙයුම සිදුකරන අවස්ථාවේ එහි කිසිවෙකු නොසිටි බව යුද හමුදාව පැවසීය.
අව්ලන් රිසෝට් ලෙස මෙම හෝටලයේ නම සඳහන් කර ඇති අතර හමුවූ උපකරණ සහ යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් ඇතුළු යුද හමුදා සපත්තු යුගල මෙම ස්ථානයට රැගෙන ආවේ කුමන අරමුණක් සඳහා ද යන්න මෙතෙක් අනාවරණය නොවූ බව යුද හමුදාව පැවසීය.
සොයාගත් උපකරණ හා අනෙකුත් භාණ්ඩ සියල්ල මුලතිව් පොලිසිය වෙත බාරදී ඇත.
සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මුලතිව් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

2025 දෙසැම්බර් මස 18
30
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුලතිව් හෝටලයකින් වෝකි ටෝකි - හමුදා නිල ඇඳුම් සොයා ගනී