රොමේෂ් මධුෂංඛ
මුලතිව් නයාරු මුහුදු තීරයේ දී නීතිවිරෝධී දැල් ආම්පන්න යොදා මසුන් ඇල්ලීමේ නිරතව සිටි ධීවරයින් 29 දෙනෙකු හා ධීවර යාත්‍රා 8 ක් අත්අඩංගුවට ගත් බව මුලතිව් සහකාර ධීවර පරික්ෂක කාර්යාල නිලධාරීහු කියා සිටියහ.
පසුගිය 12 වැනි දා සිට මුලතිව් මුහුදේ සියලුම තහනම් දැල් අම්පන්න යොදා සිදු කරන ධීවර කටයුතු නවතන ලෙසටත් එසේ ධීවර කටයුතුවල නිරත වන්නන් අත්අඩංගුවට ගන්නා ලෙසට ධීවර අමාත්‍යවරයා විසින් අදාළ බලධාරීන් වෙතට මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ දී උපදෙස් ලබාදීමෙන් පසුව මෙසේ නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගියදා නීතිවිරෝධී දැල් අම්පන්න යොදා මසුන් ඇල්ලීම් නවතන ලෙසට මුලතිව්හි සියලුම ධීවරයින් සිදු කරන ලද විරෝධතාවයක් උණුසුම් වී මුලතිව් සහකාර ධීවර පරික්ෂක කාර්යාලයේ දේපලවලට හානි කිරීම නිසා පළාත් සභා මන්ත්‍රී ටී.රවිහරන් මහතා ද අත්අඩංගුවට පත්විය.
මුලතිව් ධීවර පරික්ෂක කාර්යාල නිලධාරීන් හා මුලතිව් පොලීසියත් නාවික හමුදාවේත් සහය ඇතිව අදාළ ධීවරයින් පිරිස් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ධීවරයින් මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මුලතිව් මුහුදේ අනවසරෙන් මසුන් ඇල්ලු 29 ක් අත්අඩංගුවට