IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


මුලතිව් දිස්ත්‍රික්කයේ ගම්මාන 632 ක් සඳහා සංවර්ධන වැඩසටහනක්

(මනෝජ් හර්ෂික)

“රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහනේ සිව්වැන්න අද (03) සිට (08) වැනි දින දක්වා මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06ක් ඉලක්ක කරගෙන පැවැත්වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව ජනාධිපති ලේකම් කාර්යාලය මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරයි.

ජනාධිපති ලේකම් කාර්යාලය ජාතික මට්ටමෙන් මෙහෙයවනු ලබන ජාතික වකුගඩු නිවාරණ වැඩසටහන, ග්‍රාම ශක්ති වැඩසටහන, ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන, ජාතික ආගමික වැඩ සටහන, ජාතික පාරිසරික සංරක්ෂණ වැඩසටහන, ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන, තිරසර පාසල් සංවර්ධන වැඩ සටහන, සුරකිමු දරුවන් වැඩ සටහන, විශේෂ අවශ්‍යතා ඇති වැඩිහිටියන් සවිබල ගැන්වීමේ වැඩ සටහන් මේ යටතේ ක්‍රියාත්මක වේ.

එමෙන්ම අනෙකුත් රාජ්‍ය ආයතන ඔස්සේ විසඳාගත යුතු මහජන ගැටලු හඳුනාගෙන රාජ්‍ය යාන්ත්‍රණය උපරිම කාර්යක්ෂමතාවයෙන් එම ගැටලු විසදීමට කටයුතු කිරීම මෙම වැඩසටහන තුළින් සිදුකෙරේ.

මුලතිව් දිස්ත්‍රික්කයට අයත් මුහුදුබඩ පත්තුව, පුදුකුඩිඉරිප්පු, ඔඩ්ඩුසුඩාන්, තුනුක්කායි, මාන්තෙයි නැගෙනහිර හා වැලිඔය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06ක්  කේන්ද්‍ර කර ගනිමින් ග්‍රාම සේවා වසම් 136ක් ආවරණය වන පරිදි ව්‍යාපෘති 1144ක් මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක වේ.

මේ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය හා රජයේ අනෙකුත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල හා ත්‍රිවිධ හමුදාව මෙන් ම පෞද්ගලික අංශය ද මහජන වැඩසටහන් සඳහා එක් වී ඇති බව මුලතිව් දිස්ත්‍රික් ලේකම් රූපාවතී කේදිස්වරන් මහත්මිය සඳහන් කළාය.

ජාතික වැඩසටහන්වලට අමතරව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ජනතාවට විසඳාගත යුතු මහජන අවශ්‍යතා සැලකිල්ලට ගෙන හැඳුනුම්පත් නිකුත්කිරීම, ඉඩම් බලපත්‍ර ලබාගැනීම, තැපැල් හැඳුනුම්පත් නිකුත් කිරීම, සමාජසේවා සහන කටයුතු, පුනරුත්ථාපන හා නැවත පදිංචිකිරීම් යනාදී මහජන අවශ්‍යතා සඳහා විසඳුම් ලබාදෙන රාජ්‍ය ආයතන සම්බන්ධ කර ගනිමින් මහජන ගැටළු විසඳීමේ ජංගම සේවාවක් ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක වේ.

මුලතිව් දිස්ත්‍රික්කයේ ගම්මාන 632ක් ඉලක්ක කරගෙන ග්‍රාම ශක්ති වැඩ සටහන් 62ක් ද ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහන් 10ක් ද, පරිසර සුරක්ෂිතතා වැඩ සටහන් 111ක් ද, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහන් 151ක් ද, වකුගඩු නිවාරණ දැනුවත් කිරීමේ වැඩසටහන් 116ක් ද, පාසල් දරුවන් වෙනුවෙන් තිරසර අධ්‍යාපනික වැඩසටහන් 55ක් ද, විශේෂ අවශ්‍යතා සහිත වැඩිහිටි පුද්ගලයන්ගේ සුභ සාධනය වෙනුවෙන් වැඩසටහන් 95ක් ද, සුරකිමු දරුවන් වැඩ සටහන් යටතේ දැනුවත් කිරීමේ වැඩ සටහන් 57ක් ද මේ යටතේ ක්‍රියාත්මක වන බව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.



අදහස් (0)

මුලතිව් දිස්ත්‍රික්කයේ ගම්මාන 632 ක් සඳහා සංවර්ධන වැඩසටහනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32306 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14815 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 86 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 368 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1293 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site