IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


මුලතිව්හි ධීවර වාඩිවලට ගිනි තියයි


රොමේෂ් මධුෂංඛ
 
මුලතිව් නයාර වාඩිවලට ගිනි තියයි වාඩි 8 ක් සහ බෝට්ටු 2 ක් විනාශයි සෙම්මලෙයි ධීවර වාඩි කිහිපයක් කිසියම් පිරිසක් විසින් ගිනි තබා පලා ගොස් ඇති බවත් ඉන් ධීවර වාඩි 8 ක් හා ධීවර බෝට්ටු දෙකක් සම්පූරණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇති බවට මුලතිව් ධීවරයෝ කියති.


ඊයේ (13) රාත්‍රියේ තම වාඩි වෙතට ඇතුල් වූ පිරිසක් මෙසේ වාඩි වෙතට ගිනිතබා පලා ගොස් ඇති බවටත් මුලතිව් මුහුදේ තහනම් ධීවර කටයුතු නවතන ලෙසට සිදු කරන ලද විරෝධතාව හේතුවෙන් තහනම් ධීවර කටයුතුවල නිරත වූවන් මෙවැන්නක් සිදු කරන්නට ඇති බවට සැකකරන්නේ යැයි ධීවර වාඩියේ ධීවරයින් මුලතිව් පොලීසියට පවසා ඇත.


ධීවර වාඩියේ ගින්න ඇතිවූ අවස්ථාවේදීම අනෙක් ධීවරයින් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති අතරම ගින්න නිවා නොදැම්මෙ නම් මුළු වාඩියම ගින්නෙන් විනාශ වී යාමට ඉඩ තිබූ බවට එම ධීවරයෝ කියති.


කෙසේ වෙතත් මේ වන තුරුත් ගිනි තැබූ පුද්ගලයින් කව්රුන්ද යන්න හඳුනාගෙන නොමැති අතරම මුලතිව් පොලීසිය විසින් පුළුල් පරික්ෂණයක් ආරම්භ කර ඇත.

ගින්න හේතුවෙන් ධීවර වාඩි හා බොට්ටු වලට අමතරව ධීවර වාඩියේ තිබූ මසුන් අල්ලන දැල් ආම්පන්න ඇතුළු ධීවර ආම්පන්න විශාල ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර වාඩියේ ධීවර බොට්ටු 40 ක් පමණ යොදා ධීවර කටයුතුවල නිරතවන හෙයින් සිදුව ඇති විනාශයට වන්දියක් ලබාදෙන ලෙසද සෙම්මලෙයි ධීවරයෝ කියා සිටිති.  



අදහස් (0)

මුලතිව්හි ධීවර වාඩිවලට ගිනි තියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31736 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14195 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11137 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 210 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1139 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 319 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site