( සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ , මොරහැල සණස බැංකු ශාඛාවේ තැම්පතුකරුවන්ගේ රුපියල් කෝටි පහළොවකට ආසන්න මුදලක් වංචා කළ බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු කළමනාකාරිණිය නොවැම්බර් මස 19 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (05 )දා නියෝග කළේය.
2018 වසරේ නොවැම්බර් මාසයේ මොරහැල, උඩවෙල සණස බැංකුවේ තැම්පතු කරුවන්ගේ මුදල් රැගෙන මෙම කළමණාකාරිනිය ප්‍රදේශයෙන් පලා ගොස් සිටියාය.
සම්බන්ධයෙන් තැම්පතු කරුවන්ගේ පැමිණිලි මත එම කළමණාකාරිණිය ඉකුත් අගෝස්තු මස (06) වැනිදා පින්නවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු මෙම මාසය දක්වා අවස්ථා හයකදී දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
එම නඩුව අද (05) දා බලන්ගොඩ අධිකරණයේදි යළි කැදවන ලදි. එහිදි නොවැම්බර් මස (19) වැනිදා දක්වා ඇය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කළේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මොරහැල සණස කළමනාකාරිය යළි රිමාන්ඩ්