IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


මොරවක ඇතා මල ඇල්ලේ ගිලී තරුණයෙක් මරුට

(එස්. ඩි .කොඩිකාර )
 
මොරවක , අතුඇළ ඇතා මල ඇල්ලේ දිය නා විනෝද වීමට පැමිණි තරුණයින් සිව්  දෙනෙකුගෙන් එක් අයෙකු  දියේ ගිලී අද (19) මිය ගොස් ඇතැයි මොරවක පොලිසිය පවසයි .
 
මෙසේ මියගොස් ඇත්තේ (22) හැවිරිදි ලිව් පොද්දෙනිය,බෝපගොඩ  අකුරැස්ස ලිපිනයේ පදිංචි බටදුර මී ඇල්ලගේ හසිත් සචින්ත නැමැති  වෘත්තීය පුහුණු පාඨමාලාවක් හදාරන තරුණයෙකු බව පොලීසිය  හඳුනාගෙන ඇත .
 
 මෙම තරුණයන් සිව්දෙනා අද දහවල් යතුරු පැදි දෙකකින් ඇතා මල ඇල්ලට  පැමිණ  බීර බී විනෝද වී ජල විදුලිබලාගාරය ආසන්නයේ  දිය නාමින් සිටින අතර තුර  එක් අයෙකු මෙසේ දියේ  ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.
 
 මිය ගිය තරුණයාගේ සිරුර ගම්වාසීන්ගේ සහයෝගය ඇතිව ගොඩට ගෙන මොරවක රජයේ රෝහලට රැගෙන ගොස් තිබූ අතර  ඒ වන විටත් ඔහු මියගොස් තිබූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
 
 මිය ගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය  හෙට (20) මොරවක රජයේ රෝහලේදී  පැවැත්වීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරවක පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
 



අදහස් (0)

මොරවක ඇතා මල ඇල්ලේ ගිලී තරුණයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 3 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 853 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site