IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


මොරවකට ඉරිදා පෝදා ටියුෂන් එපා

ඉරිදා සහ පොහොය දියවල උපකාරක පංති පැවැත්වීම නවත්වන්නැයි රජයට සහ උපකාරක පංති ගුරුවරුන්ට බල කරමින් මොරවක නගරයේ විරෝධතා පාගමනක් සහ උද්ඝෝෂණයක් අද (29) පැවැත්විණි.

පිටබැද්දර සහදම් ගුරු සංගමය සංවිධානය කළ මේ විරෝධතාවට භික්ෂූන් වහන්සේ පිටබැද්දර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් 31ක ගුරුවරු, මව්පියෝ ඇතුළු දහසකට අධික පිරිසක් එක්ව සිටියහ.

ගාල්ල දෙණියාය මාර්ගයේ මොරවක නගරය අවහිර කරමින් මොවුහු උද්ඝෝෂණයේ නිතර වූ අතර ඊට සහාය පළ කරමින් නගරයේ සියලු වෙළෙඳසල් වසා තිබිණි. ත්‍රීරෝද රථ රියැදුරෝ ද සහාය පළකරමින් සේවාවෙන් ඉවත්ව සිටියහ.

මේ නිසා මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් පැවැති අතර ගාල්ල දෙණියාය ප්‍රධාන මාර්ගයේ මොරවක නගරයේ මාර්ගය මැද සිට උද්ඝෝෂකයන් විවිධ සටන් පාඨ කියමින් පෝස්ටර් බැනර් අතැතිව උද්ඝෝෂණයේ යෙදුනහ.

P1080875 P1080879 P1080883



අදහස් (0)

මොරවකට ඉරිදා පෝදා ටියුෂන් එපා

ජයන්ත Monday, 30 January 2017 04:46 AM

මොරවකට නොවෙයි කොහේටවත් එපාමයි. එය දරුවන්ට නොවෙයි හැමෝටම කරන හානියක්. එක දවසක්වත් දරුවන්ට ගෙදර ඉන්න දියයුතුයි. (නි)

:       0       0

මැටිපහන Sunday, 29 January 2017 09:19 AM

ටියුෂන් සම්පුර්ණයෙන්ම නවත්තන්න ඕනෑ තමයි. (නි)

:       0       0

හිමාල් Sunday, 29 January 2017 05:10 PM

හරි, දැන් ටියුෂන් නැවැත්තුවා කියමු. ළමයි දහම් පාසල් එන්නේ නැහැ, පුස්තකාලයට ගිහින් පාඩම් කරනවා. එතකොට පුස්තකාල වලින් ළමයි එළියට ඇද දාපල්ලා කියලා උද්ඝෝෂණ කරනවාද? ගෙදර හිටියොත් ගෙවල්වල ඉන්න එපා කියලා පිකටින් කරනවාද?මොකද මේක තමන්ගේ ‍තෝරාගැනීම ගැන ප්‍රශ්නයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 678 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2344 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1727 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site