IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


මිරිදිය මසුන් සඳහා පාලන මිලක් ගෙන ඒමේ සූදානමක්

මිරිදිය මසුන් සඳහා ඉදිරියේදී පාලන මිලක් ඇති කරන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා  පැවසීය.
 
 මස්වලට, බිත්තරවලට, මුහුදු මාළුවලට මිලක් ඇති නමුත්  , මිරිදිය මසුන් සඳහා  එලෙස  සීමාවක් නැතැයිද  අමාත්‍යවරයා සඳහන් කළේය.
 
 කලාවැව ජලජීවී වගා පුහුණු මධ්‍යස්ථානයේ පැවති මෙම ධීවර ගැටළු විසදීමේ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
 
 වැඩිදුර අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේද කීය.
 
 "වැව්මාළුවලට සීමාවක් නෑ. වැව්මාළු තමයි නැවුම් පිට තියෙන්නෙ. මුහුදේ ඉන්න සමහර මාළු කද්දී සමහර ඒවා මාස තුනකට වැඩියි. ට්‍රෝලර් යාත්‍රාවක් ගියාම දවස් 45 කට පස්සේ තමයි එන්නේ. මුල් දවසේ ඉඳන් අල්ලන මාළු අයිස් පෙට්ටියේ දාලා තියෙන්නේ.  ඒවා ගෙනැල්ලා මෙහෙ අයිස් ගබඩාවලත් දාලා තියෙනවා. එහෙම තමයි අපිට සමහර මාළු කන්න වෙන්නේ දවස් 45 කට පස්සේ.”
 
 “මං හිතන විදියට අනුරාධපුර දිස්ත්‍රික්කයේ 70% ක් විතර ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරා ගන්නේ වැව් මාළුවලින්. ඒ ගුණාත්මකභාවය ශරීර සෞඛ්‍යයට හොඳයි.”
 
පසුගියදා නීතිවිරෝධීව ප‍්‍රංශය හා ඔස්ට්‍රේලියාව බලා ගිය කණ්ඩායම් පිළිබඳව අදහස් දක්වමින්  අමාත්‍යවරයා මෙසේ පැවසීය.
 
 “ධීවරයන්ගේ වෙස් ගනිමින් විවිධ දේවල් ක්‍රියාත්මක කරනවා. විශේෂයන්ම මුහුදු මාර්ගවලින් ධිවර බෝට්ටු තුළින් මත්ද්‍රව්‍ය රට ඇතුළට ගේන්න ඒ වගේම වෙනත් මගීන්ව රටවල්වලට ප්‍රවාහනය කරන්න ධීවරයන්ගේ මාර්ගයෙන් උපක්‍රම සිදුකරනවා. අපි මේ සම්බන්ධයෙන් දැනටමත් ධීවර දෙපාර්තමේන්තුව සහ ධීවර අමාත්‍යාංශය එකතුවෙලා සෑම බෝට්ටුවකට සංඥා පද්ධති සවිකරගෙන යනවා. 
 
තව යාත‍්‍රා 2500 ක විතර ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා නඩුවක් තියෙන නිසා.යාත‍්‍රා 1500ක් විතර සංඥා පද්ධති අලුතෙන් ලබාදෙන්න තියෙනවා. අපි ධීවර අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් කථා කරගෙන යනවා. එතනොට අපිට පුළුවන් මහ මුහුදේ ඕනම තැනක ධීවර බෝට්ටුවක් තිබුණොත් ඒක ලියාපදිංචි කරලද ,ඒ බෝට්ටුව කොයි ආකාරයෙන් ද හැසිරෙන්නේ, අපේ මුහුදු සීමාව උල්ලංඝනය කරලා යනවානම් ඒ පිළිබඳ සියලු තොරතුරු වාර්තා කර ගන්න පුළුවන්. 
 
 අපි මේ කටයුත්ත ක්‍රියාත්මක කරලා තියෙනවා. මං හිතන්නේ ඉස්සරහට ධීවර ජනතාවගේ සහයෝගයක් ලැබුණොත් අපිට ඉතාමත් ඉක්මනින් මේ වගේ රට තුළට මත්ද්‍රව්‍ය ගෙනඒම වගේම මිනිස් ජාවාරම්කරුවන් අල්ලා ගැනීමටත් මේක ඉවහල් වෙයි.”
 
 රාජාංගණය, අංගමුව, කටියාව, හබරන, කලාවැව, පදවිය, මහකනදරාව, මහවිලච්චිය නියෝජනය කරන ධීවරයින් 24 දෙනෙකු සඳහා ෆයිබර් ඔරු සහ කොල්ලෑ ධීවර අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ධීවරයින් 24 දෙනෙකු සඳහා  පිරිනැමිණි.
 
 ධීවරයන්ට ලබාදුන් එක්පයිබර් ඔරුවක් සහ කොල්ලෑවක්  සඳහා රජය රු.75,000 ක මුදලක් දරන බවත්, එමඟින් එදිනෙදා ලැබෙන අස්වැන්න තීව්‍ර කිරීම බලාපොරොත්තු වන බවත් එහිදී  දිස්ත්‍රික් ජලජීවී වගා ව්‍යාපෘති නිලධාරි සිසිත කුමාර මහතා මෙහිදී සඳහන් කළේය.
 
(36698)



අදහස් (0)

මිරිදිය මසුන් සඳහා පාලන මිලක් ගෙන ඒමේ සූදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32116 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14587 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 48 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 314 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site