IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මුරුතවෙල ජලාශයේ වාන් දොරටු 03ක් අරී


චන්ද්‍රසේන ගමගේ
 
ප්‍රදේශය පුරා පවතින වැසි තත්වයත් සමඟ වීරකැටිය මුරුතවෙල ජලාශය වාන් දැමීමේ මට්ටමට පැමිණ ඇති බවත් මේ වන විට මුරුතවෙල ජලාශයේ වාන් දොරටු 03 ක් විවෘත කර ඇති බවත්  වීරකැටිය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කේ.එන්.එච්.සහන් කුමාර මහතා පැවසීය.

මුරුතවෙල ජලාශය තුළ අක්කර අඩි 38875 ක් ජල ධාරිතාවයක් පවතින බව සදහන් කරන වාරිමාර්ග ප්‍රාදේශීය ඉංජිනේරුවරයා විවෘත කරන ලද වාන් දොරටු 03 න් තත්පරයකට ජලය ඝණ අඩි 360ක් ප්‍රමාණයක් මුදා හරින බවත් පැවසීය.

මුරුතවෙල ජලාශයට ජලය සැපයෙන ඌරුබොකු ඔයේ ජල මට්ටම ඉදිරියේදී ඉහළ ගියහොත් තව දුරටත් වාන් දොරටු විවෘත කරන බවත් ජලාශයේ පහළ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව අවධානයෙන් සිටීම වැදගත් බවද ප්‍රාදේශීයවාරිමාර්ග ඉංජිනේරු වරයා පැවසීය.



අදහස් (0)

මුරුතවෙල ජලාශයේ වාන් දොරටු 03ක් අරී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site