IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


මාර්ග සංවර්ධන අධිකාරියේ නාමය යොදා පස් ප්‍රවාහනය කළ අයෙක් අල්ලයි


 
 
(කේ බුද්ධික කුමාරසිරි )
 
මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩ බිමක සිට එම අධිකාරියේ නාමය යොදා ගනිමින් පෞද්ගලික ලොරි රථයකින් බලපත‍්‍ර රහිතව පස් ප‍්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අද (19)  අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.
 
පාදුක්ක ගලගෙදර ප‍්‍රදේශයේ මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩ බිමක සිට අනවසරයෙන් පස් විකිණීමේ ජාවාරමක් සිදු කෙරෙන බවට පොලිස් විශේෂ කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත මීගොඩ පොලිසියේ දුෂණ මර්දන අංශයේ  විසින් මෙම වැටලීම සිදුකර තිබේ.
 
මෙලෙස පස් ප‍්‍රවාහනය කරමින් සිටි ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරු සතුව රියදුරු බලපත‍්‍රයක් හෝ නොතිබූ බවද පොලිසිය පවසයි.
 
සැකකරුගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීමේදී අදාළ පස් තොගය මාර්ග සංවර්ධන අධිකාරියේ තැන්පතු මධ්‍යස්තානයක් සඳහා රැගෙන යන පවසා ඇතත් ඒ පිළිබදව නිශ්චිත තොරතුරක් ලබා දීමට සැකකරු අපොහොසත් වී ඇති බව පොලිසිය පවසයි.
 
අත්අඩංගුවට ගත් ලොරි රථය සහ රියදුරු හෙට (20) හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 



අදහස් (0)

මාර්ග සංවර්ධන අධිකාරියේ නාමය යොදා පස් ප්‍රවාහනය කළ අයෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32124 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14592 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 50 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 316 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site