IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


මොරගහකන්ද- කළුගඟ ව්‍යාපෘතියේ නැවත පදිංචිවූ ජනතාව විරෝධයක

(කාංචන කුමාර ආරියදාස)
 
මොරගහකන්ද සහ කළු ගඟ ජලාශවලට ඉඩම් ලබා දුන් ජනතාවට මෙතෙක් සාධාරණයක් ඉටු වී නැතැයි පවසමින් නැවත පදිංචිවූවෝ පිරිසක් අද(10) දඹුල්ල  මහියංගනය ප්‍රධාන මාර්ගයේ ලග්ගල හරිත නගරය මධ්‍යයේ පාර වසාගෙන විරෝධතාවයක නිරත වූහ.
 
ගොවිතැන් සහ දෛනික පරිහරණය සඳහා ජලය නොමැති වීම, අනු පවුල් සඳහා සාධාරණ වන්දි මුදලක් නොමැතිවීම, වාණිජ ඉඩම් ලබාදී බදු මුදල් අයකිරීම, වසර 7ක පමණ කාලයක සිට තවමත් වියළි සලාක ආහාරයෙන් ජීවත් වීමට සිදුවීම සහ තවත් කරුණු රැසක්  මුල් කර ගනිමින් ඔවුහු විරෝධතාවයේ නිරත වූහ.
 
මහියංගණය-දඹුල්ල ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු ලග්ගල හරිත නගරයේ පිවිසුමේ පිහිටි කළු ගඟ පාලම උඩින් අවහිර කිරීමටද ඔවුහු ක්‍රියා කළහ.
 
දඹුල්ල පොලිස් අධිකාරි ගාමිණී මීගහකුඹුර මහතා මෙය සාකච්ඡාවක් මගින් විසඳා ගන්නාතුරු ප්‍රධාන මාර්ගයේ එක් පසක් වාහන ගමනාගමනයට විවෘත කරන දෙන්නැයි පැවසීය.
 
විරෝධතාකරුවන් මෙහිදී පොලිස් අධිකාරිවරයාට කියාසිටියේ වසර ගණනාවකට ඉහතදී රටේ භාගයකගේ සා ගිනි නිවන්නට විශාල ජලාශයක් ඉදිකරන්නට තම ගම්බිම් ගේදොර ඉඩකඩම් සියල්ල ලබාදුන්නද තවමත් වසර 8 ක පමණ කාලයක සිට බොහෝදෙනෙකු පැල්පත්වාසීන් ලෙස ජීවත්වන බවය. මහවැලි නිලධාරීන් සමග කඩිනමින් සාකච්ඡාවක් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව පොලිස් අධිකාරීවරයා උද්ඝෝෂකයන් වෙත කියා සිටියේය.  
 
වර්තමාන රජයට කිසිදු විරෝධතාවයක් එල්ල නොකරන බවත් ආණ්ඩු විරෝධී විරෝධතාවයක් නොවන බවත් උද්ඝෝෂකයෝ මෙහිදී පැවැසූහ.
 
කෙසේ වෙතත් මෙදින දහවල් වනතුරුත් මහවැලි නිලධාරියෙකු හෝ වගකිවයුතු බලධාරියෙකු නොපැමිණීම නිසා උද්ඝෝෂකයෝ මාර්ගයේ එක් පසක් වසාගෙන විරෝධතාවයේ නිරතව සිටියහ.

 



අදහස් (0)

මොරගහකන්ද- කළුගඟ ව්‍යාපෘතියේ නැවත පදිංචිවූ ජනතාව විරෝධයක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31862 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14331 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11179 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 247 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1188 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 341 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site