IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මොරගහකන්දට යටව තිබූ පාලමක ලක්ෂ ගණනක යකඩ කපලා

(ඉන්දික අරුණ කුමාර)
 
මොරගහකන්ද ජලාශයට යටවූ නාඋල - පැරණි ඇළහැර මාර්ගයේ රෝහණ ගම්මානය යළි මතුවීමත් සමඟ එහි වූ ගල්වලේ ඇළ පාළමේ රුපියල් ලක්ෂ ගණනක් වටිනා යකඩ කිසියම් පිරිසක් විසින් කපාගෙන ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
 
අධි තාක්ෂණික කැපුම් උපකරණ  භාවිත කරමින් ගල්වලේ ඇළ පාලමේ යකඩ සැලසුම් සහගතව කපාගෙන ගොස් ඇති බව ද, කපා ඉවත්කරගෙන ඇති යකඩ ගෙන යෑම සඳහා බැකෝ යන්ත්‍ර මෙන්ම ලොරි රථ ඇතුළු ගෑස් කටර් යන්ත්‍ර ද යොදාගෙන ඇති බව ප්‍රදේශවාසීහු කියා සිටිති.
 
ජලයෙන් යටවී තිබූ නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක් යළි මතුවීමත් සමඟ එම පැරණි ගම්මානවලට අයත් ද්‍රව්‍ය විවිධ පුද්ගලයින් විසින් රැගෙන යන තත්ත්වයක් දක්නට ඇතැයි ගම්වාසීහු කියති.
 
වසර ගණනක් පැරණි මෙම පාලම හරහා ඇළහැර දෙසට ප්‍රවාහන කටයුතු සිදු වූ අතර මේ වන විටත් විවිධ අවශ්‍යතා සඳහා ඇතැම් රථවාහන පාලම හරහා ගමන් කරනු ලැබේ.
 
මොරගහකන්ද ජලාශය අවට පදිංචිකරුවන් බොහෝදෙනෙකු කියා සිටියේ ගල්වලේ ඇළ පාලමේ මේ වන විට ඉතිරිව ඇත්තේ එක් යකඩයක පමණක් බවයි. එබැවින් පාලම හරහා ගමන් දැඩි අවදානම් තත්ත්වයක පවතින බවද ඔවුහු කියාසිටිති.



අදහස් (0)

මොරගහකන්දට යටව තිබූ පාලමක ලක්ෂ ගණනක යකඩ කපලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site