(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කොට්ටුකච්චිය ඇතුන්ගොඩ සිට ගල්කුලම දක්වා දිවෙන මාර්ගයේ පස් ප්‍රවාහය කරනු ලබන ටිපර් රථ ගමන් කිරීම හේතුවෙන් මාර්ගයට හානි සිදුවී අබලන් තත්වයට පත්වී ඇතැයි චෝදනා එල්ල කරමින් ගම්වාසීහු පිරිසක් අද(15) විරෝධයක නිරත වූහ.
වසර ගණනාවකින් ප්‍රතිසංස්කරණය නොකළ මෙම මාර්ගය වසර කිපයකට පෙර සංවර්ධනය කිරීමට සූදානම් කර තිබුණද එය නැවතී තිබුණි.
කෙසේ වෙතත් අවස්ථා ගණනාවක දී ජනතාව අබලන් වු මාර්ගයේ ඇති වලවල් වසා දමමින් ගමනාගමනයට කටයුතු යොදා තිබියදී ඇතුන්ගොඩ වැව ප්‍රතිසංස්කරණය කළ පස් මිලට ගත් කොන්ත්‍රාත්කරුවකු එම මාර්ගය නැවත අබලන් කරමින් පස් ප්‍රවාහනය කළ බව ඔවුහු කියති.
ඇතුන්ගොඩ හා මුරියාකුලම ජනතාව අදාළ කොන්ත්‍රාත්කරු මාර්ගය සකසන තුරු ටිපර්රථයට යාමට ඉඩ නොදෙන බව පැවසීමත් සමග ඔහු වලවල් සෑදි ඇති ස්ථානවලට තාවකාලිකව සිමෙන්ති ගල් ගෙනවිත් දමා මාර්ගය සකසා ඇත.
කොන්ත්‍රාත්කරු මාර්ගය සැකසීමට වු පොරොන්දුව මත විරෝධතාකරුවෝ තාවකාලිකව ටිපර් රථ ධාවනයට ඉඩ දුන්හ.



2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මාර්ගයට හානි කරමින් පස් ප්‍රවාහනය කළැයි විරෝධතාවක්