IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


මීරිගම වෙළද ආයතන ගොඩනැගිල්ලක ගින්නක්

පුෂ්පකුමාර මල්ලවආරච්චි


මීරිගම නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ  වෙළෙඳ ආයතනයක ගොඩනැගිල්ලේ අද (19 )උදේ ඇතිවූ හදිසි ගින්නකින් විදුලි උපකරණ ගෘහ භාණ්ඩ   ඇතුළු දේපළ දේපල විනාශයට පත්වී ඇතැයි මීරිගම පොලීසිය කියයි.

වෙළඳසැලේ සේවකයෙකු වෙළඳසැල විවෘත කර ඉහළ මාලයට යන අවස්ථාවේ එහි ගින්නක් ඇති බව දැකීමෙන් පසු පොලිසිය දැනුවත් කර ගින්න නිවීමේ කටයුතු ආරම්භ කර ඇති අතර ගම්පහ ගිනි නිවන ඒකකයයේ ගිනි නිවන භට කණ්ඩායම් පැමිණ ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ පැවති ගින්න දැඩි පරිශ්‍රමයකින් යුතුව නිවා දමනු ලැබීය .

ඉහළ මාළයේ ගබඩා කර තිබූ විදුලි උපකරණ මෙන්ම ගෘහ භාණ්ඩ  දැඩි ලෙස හානි වී ඇති අතර පහත මාලයේ තිබූ දේපල රැසක් ඉවතට ගැනීමට කටයුතු කර තිබිණි.

ගින්නට ලක්වුනු ගොඩනැගිලි පරිශ්‍රයේ විදුලි පරිපථ විසන්ධි කිරීමට  විදුලි බල මණ්ඩලය පියවර ගනු ලැබීය

ගින්නෙන් සිදු වූ හානිය රුපියල් ලක්ෂ ගණනක් විය හැකි යැයි අනුමාන කෙරෙන අතර ගින්නට හේතුව විදුලි කාන්දුවක් දැයි සැක කරන බව පොලීසිය කියයි .



අදහස් (0)

මීරිගම වෙළද ආයතන ගොඩනැගිල්ලක ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31687 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14154 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11122 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 196 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1123 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 310 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site