(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පළාත් සභා පනතේ පවතින රට බෙදීමට තුඩු දෙන වගන්ති තුනක් ඉවත් කිරීම සහ මහ මැතිවරණය පළමුව පවත්වන ලෙස කරන යෝජනාවක් මීරිගම ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් නන්දසිරි රණතුංග මහතා අද (17) පැවති මාසික සභා රැස්වීමට ඉදිරිපත් කළේය.
එම යෝජනාව සභා නීති වලට පටහැනි බව කියමින් එක්සත් ජාතික පක්ෂය , ජාතික ජනතා පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු සභාවෙන් ඉවත්ව ගියහ.
පළාත් සභාවලට වෙනම පොලීසියක් පවත්වාගෙන යාමට ලබාදී ඇති වගන්තිය, ඉඩම් අයිතිය ගැන සඳහන් ගන්තිය සහ පළාත් සභා දෙකක් හෝ කිහිපයක් එකතු කර ගැනීමට ඉඩ දෙන වගන්තිය ඉවත් කිරීමට යෝජනා කළ සභාපතිවරයා මෙම යෝජනා සම්මත කර ජනාධිපති වෙත යැවිය යුතු බවද සඳහන් කළේය.
ධම්මික අත්තනායක (එ.ජා.ප.) , එම්.පී.දිසානායක (එ.ජා.ප.) චමින්ද ලලිත්කමාර (ජ.වි.පෙ.) , කුමාර ගජනායක (ජාතික ජනතා පක්ෂය) යන මන්ත්‍රීවරු ඇතුලු විපක්ෂයේ නියෝජිතයන් සභාපතිවරයාගේ යෝජනාව ප්‍රාදේශීය සභා විෂය පථයට අයත් නොවන බැවින් සභාවේ කතා කළ නොහැකි බවට විරෝධය දැක්වූ අතර පාලක පක්ෂයේ නියෝජිතයන් ඊට එරෙහිව අදහස් දැක්වූහ.
මෙම යෝජනාව සම්මත වූ බව සභාපතිවරයා ප්‍රකාශ කිරීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ , ජාතික ජනතා පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු සභාවෙන් පිටව ගියහ.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
මීරිගම ප්‍රා.සබේ සභාපති ඉදිරිපත් කළ යෝජනාවකට එජාපයේ - ජවිපේ විරෝධය