IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මීරිගම උප තැපැල් කාර්යාලයක් මුද්‍රා තබයි

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

ජනතාවගේ මුදල් ඉතිරි කිරීම් සහ විදුලි බිල් ගෙවීම් රුපියල් ලක්ෂ ගණනක් අවභාවිතා කර ඇති බව කියන මීරිගම ප‍්‍රදේශයේ උප තැපැල් කාර්යාලයක් මුද්‍රා තබා ආයතනික පරීක්ෂනයක් පැවැත්වීමට පියවර ගෙන ඇතැයි ගම්පහ ප‍්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලය සඳහන් කරයි.

මෙම උප තැපැල් කාර්යලයෙන් විදුලි බිල් ගෙවීම් කළ පිරිසකට රතු නිවේදන එවා විදුලි බල මණ්ඩලය මගින් විදුලිය විසන්ධි කිරීමට කටයුතු කිරීමේදී පීඩාවට පත් වූවන් සොයා බැලීමේදී තමන් ගෙවූ මුදල් නිසි පරිදි ගිණුම් ගත නොකිරීම නිසා මේ තත්ත්වය උද්ගතව ඇති බව අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් ගම්පහ ප‍්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලයට කළ පැමිණිල්ලක් අනුව එහි නිලධාරීන් අදාල උප තැපැල් කාර්යාලය සම්බන්ධයෙන් කළ මූලික පරික්ෂණයේදී එහි ස්ථානාධිපතිනිය  ඉතිරි කිරීමේ ගිණුම්වල තැන්පත් කිරීම් හා විදුලි බිල් ගෙවීම් ඇතුළු මුදල් ගෙවීම් බිල්පත්වල පමණක් ලකුණු කර නිසි පරිදි ගිණුම් ගත කර නැති බව හෙළිවීමෙන් පසු වැඩිදුර පරීක්ෂනය සඳහා අදාල උප තැපැල් කාර්යාලය මුද්‍රා තැබීමට පියවර ගෙන ඇත.

මේ ආකාරයෙන් කොපමණ මුදලක් අවභාවිතා කර ඇද්දැයි හෙළි කර ගැනීම සඳහා තවදුරටත් පරීක්ෂන පවත්වන බව තැපැල් බලධාරීහු පවසති. මේ ආකාරයෙන් අවභාවිතා කර ඇති මුදල් හෙළි කර ගැනීමෙන් පසු ආයතනික වශයෙන් පරීක්ෂනයක් පවත්වා විනය පියවර ගැනීමට හා නීතිමය පියවර ගැනීමට නියමිත බවද ප‍්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලය සඳහන් කරයි.

 



අදහස් (0)

මීරිගම උප තැපැල් කාර්යාලයක් මුද්‍රා තබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site