(අනීෂා මානගේ)
මිද්දෙණිය හුංගම ප්‍රධාන මාර්ගයේ මුරුංගාගස්යාය ප්‍රදේශයේදී අද (03) සිදුවූ අනතුරකින් කුඩා බිළිදෙකු හා ඔහුගේ මව ජීවිතක්ෂයට පත්ව ඇතැයි මිද්දෙණිය පොලිසිය කියයි.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වීරකැටිය දෙබොක්කාව සූරියපොකුණ ප්‍රදේශයේ පදිංචිව සිටි වීරසිංහ මුදියන්සේලාගේ ඉනෝකා කුමාරි වීරසිංහ නැමැති 40 හැවිරිදි කාන්තාවක් හා ඇයගේ පුතණුවන් වන නෙටොල්පිටිය ගමගේ චාලික දුලංජන නම් දෙදෙනෙකි.
දෙබොක්කාව ප්‍රදේශයේ සිට මිද්දෙණිය දෙසට ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි මව හා කුඩා පුතු මිද්දෙණිය නගරයේ සිට හුංගම දෙසට ගමන් කරමින් තිබූ ටිපර් රථයක ගැටීම නිසා අනතුරට පත්ව තිබේ.
අනතුර හේතුවෙන් කුඩා දරුවා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහුගේ මව ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.
අනතුර සිදුකළ ටිපර් රථයේ රියදුරු මිද්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මුරුංගාගස්යායේ අනතුරකින් දෙදෙනෙක් මරුට