වන්නි රොමේෂ් මධුෂංඛ
යුද්දය හේතුවෙන් වසර 30ක් පුරාවට ආරක්ෂක අංශ භාරයේ පැවති යාපනය මයිලඩ්ඩි උතුර ග්‍රාම සේවා වසමට අයත් ප්‍රදේශයන්හි ඉඩම් අක්කර 4යි පර්චස් 44 ක භූමි ප්‍රමාණයක් අද (06) මුල් අයිතිකරුවන් වෙතට භාර දීම සිදු විය.
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයේ ඉඩම් මුල් අයිතිකරුවන් වෙත භාර දීම සඳහා යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා ට භාර දීම සිදු විය.
මේ අනුව මයිලඩ්ඩි උතුර ග්‍රාමසේවා වසමට අයත් අක්කර 2 පර්චස් 75 ක් භූමි ප්‍රදේශයේ පිහිටි මයිලඩ්ඩි කලෙයිමගල් මහා විද්‍යාලය සහ කුරුම්බ සෙඩ්ඩි ග්‍රාමසේවා වසමට අයත් සමූපකාර ගොඩනැගිල්ල සහ ප්‍රජාශාලාව මෙන්ම එය ඇතුලත් පර්චස් 80 ක භූමි ප්‍රමාණයක්ද අනෙයිකොට්ටේ ප්‍රදේශයේ පිහිටි අක්කර 1 යි පර්චස් 19 ක් භූමි ප්‍රමාණයක්ද නිදහස් කැරිණි.
යුද්දය හේතුවෙන් ආරක්ෂක පියවරක් වශයෙන් අදාල ඉඩම් අධිආරක්ෂිත කලාපයක් වශයෙන් වසර 30 ක කාලයක් පැවති අතර යුද්දය නිමාවීමෙන් පසුව එම ප්‍රදේශයන්හි බිම්බෝම්බ ඉවත් කිරීමෙන් පසුව අදාල ඉඩම් මුල් අයිතිකරුවන් වෙතට භාරදීම එසේ සිදු විය.
ඉඩම් මුල් අයිතිකරුවන් වෙතට ලබා දීමේ අවස්ථාවට යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් , ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් රසික කරුණාතිලක , උතුරු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක උදයකුමාර්, තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් එස්.සිවාශ්‍රී ඇතුලු පිරිසක් ද සහභාගී වී සිටියහ.



2025 දෙසැම්බර් මස 18
387
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මයිලඩ්ඩි අක්කර 4ක් යළි මුල් පදිංචිකරුවන්ට